(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත් අඩංගුවට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සිල්වාගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවීමට පියවර ගත් බව ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු පැවැසුවේය.
ෆෙබ්‍රියෝ ද සිල්වා මයින් ක්‍රාෆ්ට් පරිගණක ක්‍රීඩාවේ වීඩියෝ නිරන්තරයෙන් ඔහුගේ ගිණුමට උඩුගත කර ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.ඔටාවාහි ඝාතන සිද්ධියෙන් පසුව විශ්වසනීයත්වය සහ ආරක්ෂාව පිළිබඳ වගකිව යුතු යූ ටියුබ් කණ්ඩායම එම සිද්ධියේ සැකකරු වූ ෆෙබ්‍රියෝ ද සිල්වා පවත්වාගෙන ගිය යූ ටියුබ් ගිණුම හඳුනාගත් බවත් යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වගකීමේ මාර්ගෝපදේශයන්ට අනුව එම කණ්ඩායම ෆෙබ්‍රියෝගේ යූ ටියුබ් ගිණුම අත්හිටවූ බවත් ගූගල් සමාගමේ ප්‍රකාශකයා පැවැසුවේය.
යූ ටියුබ් ගිණුම් හිමිකරුවෙක්ගේ සැබෑ ලෝකය තුළ හැසිරීම යූ ටියුබ් ප්‍රජාවට අවදානමක් නම් යූ ටියුබ් සමාගම එම හිමිකරුවා පිළිබඳ ක්‍රියා මාර්ග ගන්නා බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයන් පස් දෙනකු සහ එම පවුලේ හිතවතකු පසුගියදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ අතර එම ඝාතන සිදුකළේ යැයි සැකපිට ඔටාවා පොලිසිය විසින් 19 ෆෙබ්‍රියෝ ද සිල්වා අත් අඩංගුවට ගනු ලැබුවේය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැනඩා ඝාතනයේ සැකකරුගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවයි