(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ විධිවිධාන යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා නිර්දේශ කිරීම පිණිස ක්ෂේත්‍ර ගණනාවකට අදාළව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතුරෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම අයැදුම්පත් කැඳවනු ලබයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්ෂණික සබැඳි යටතේ 'කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම' නමින් පළ කර ඇති 'අ' තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව එක් එක් අයදුම්කරුවන් විසින් සිය අයදුම්පත සකස් කළ යුතු අතර, 'ආ' තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතුය.
සම්පුර්ණ කරන ලද අයැදුම්පත් / නාමයෝජනා 2025 ජනවාරි 20 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
නාමයෝජනා එවන නාමිකයා විසින්ම තොරතුරු පත්‍රය සම්පූර්ණ කරනු ලැබිය යුතු අතර එම තොරතුරු පත්‍රය නාමයෝජනා කරනු ලබන පාර්ශ්වය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ යුතුය.
වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය.
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසී
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කාන්තා කොමිසමට ’’කට්ටිය’’ සොයයි