(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදාගන්නේ දැයි රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැන සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම පිළිබඳ පැමිණිලි සිය ගණනක් කොමිෂන් සභාවට දැනටමත් ලැබී ඇතැයි පැවසූ සභාපතිවරයා එවැනි ක්‍රියා පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
මෙවැනි සිද්ධීන් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධාවන හෙයින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පැවසූ සභාපතිවරයා රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නැයි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට පැමිණිලි 120 ක් පමණ ලැබී ඇත. මින් පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බව එම කොමිසම පවසයි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවිය හැකි යැයි විශ්වාස කෙරෙන ප්‍රදේශ විස්සකට විශේෂ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කන්තෝරුවලට හිටිහැටියෙ කඩා පනින බලඇණි
Kazi Shajahan Sunday, 11 August 2024 05:17 PM
නිකන් බොරු ෂෝ දාන්න එපා. රනිල් මොනවද කියන්නේ. මොකද කරන්නේ?
Pradeep Kumara Sunday, 11 August 2024 05:29 PM
එවැනි පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි දුරකථන අංකයකුත් සඳහන් කළා නම් තවත් හොඳයි නේද රත්නායක මහත්තයෝ...?