(කාංචන කුමාර ආරියදාස)
මෙරට බහුතරයක් වූ කාන්තා සමාජය ශක්තිමත් කරමින් ඉදිරියේ දී කාන්තාව මූලික කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කර, විදේශීය රටවලින් ණය ලබාගැනීමේ ක්‍රියාවලියෙන් තොරව රට සංවර්ධනය කිරීමට කාන්තා ප්‍රඥප්තියක් ඇති කරන බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(19) දඹුල්ලේ දී පැවසීය.
නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ණය ආධාර මත ඉදිකළ 258 වන ගම්මානය වන දඹුල්ල ඇඹුල්අඹේ "රන්දදගම" අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
මෙම ගම්මානයේ නිවාස විසිතුනකි. අලුතින් ඉදි වූ නිවාස, අඩක් ඉදිකර තිබූ නිවාස අලුත්වැඩියා කිරීම, කපරාරු කිරීම සහ වහල සෙවිලි කොට නිවස අංග සම්පූර්ණ කිරීම ආදී කටයුතු සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් ණය ආධාර යටතේ ඉදිකර තිබිණි.
ගම්මානේ සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිවාස කීපයක් විවෘත කිරීමට එක්වූ අතර පසුව එහි පැමිණ සිටි ජනතාව අමතමින් කාන්තා මූලික ආර්ථිකය ශක්තිමත් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මෙරට කාන්තා ජනගහනය වර්ධනය වීමත් සමඟ කාන්තාව බහුතරය වී පිරිමි සුළුතරය බවට පත්ව තිබෙන බවය. එම හේතුව නිසා කාන්තා මූලික සමාජය රටේ බහුතරයක් තිබෙන බවත් අනෙකුත් රටවල් දියුණු වී ඇත්තේ ඉතිරි කිරීම ප්‍රගුණ කිරීමෙන් බව ය.
ලබන නොවැම්බර් මාසයේ ජනතාව ලබාදෙන වරමත් සමග කාන්තාව ඉතිරි කිරීම සඳහා යොමුකර රටේ සංවර්ධනයට කාන්තා ප්‍රඥප්තියක් ඇතිකර වෙනත් රටවලින් මුදල් ඉල්ලා හිඟා කෑම හඬා වැටීම නවතා රටේ ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් කිරීමට තමා සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘කාන්තාව මූලික කරමින් ආර්ථිකය ශක්තිමත් කරනවා’