IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කාන්තාවකට කැත වැඩක් කළ සැරයන්ට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

අවුරුදු පනස් අටක් වයස කාන්තාවක් යතුරු පැදියක නංවාගෙන ලබු හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි කැලෑවකට රැගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දූෂණය කළේ යෑයි කියන කටුවන පොලිසියේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු මිද්දෙණිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් සැරයන්වරයාඅඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි බව පොලිසිය කියයි.

සංගීත සංදර්ශනයේ රාජකාරියේ යොදවා සිටි මෙම පොලිස් නිලධාරියා මෙම කාන්තාව ඔහුගේ යතුරු පැදිය පැදියේ නංවාගෙන නඩුවෙන් ගොඩ ප්‍රදේශයේ පිහිටි කැලෑවට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

දූෂණයකට ලක්වූ බව කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

සැකකාර පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (4)

කාන්තාවකට කැත වැඩක් කළ සැරයන්ට වැඩ වරදී

පිටිගල මිලානෝ Sunday, 30 July 2023 12:10 PM

දැන් හරිද චූන් එක.?

:       1       8

banda Sunday, 30 July 2023 01:10 PM

පොලිසියේ සේවය කරන්නෙත් අපේ සමාජයේම මිනිස්සු... අපේ සමාජයෙන් විශාල කොටසක්ම කුණුවෙලා ඉවරයි නම් පොලිසිය හෝ වෙනත් ආයතනයක් ගැන කවර කතාද? පොලිසිය හරියට සුද්ද නොකොළොත් එය සමාජ ව්‍යසනයකට පාර කපාවි... යුදහමුදා පොලිසිය වගේ පොලිසිය ඇතුලේ පොලිසියක් යොදා වැරැදි කරුවන්ව සොයා ක්ෂණික දඬුවම් දෙන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. පොලිසියේ ක්‍රියාකාරීත්වය රහසින් සොයාබලන යාන්ත්‍රණයක් සැකසුවොත් අපේ රටේ පොලිසියත් ඉක්මණින්ම පොලිෂ් වේවි. එතකොට පොලිසියේ සේවය කරන අවංක, දක්ෂ නිලධාරීන්ට අභිමානයෙන් සේවය කිරීමට අවස්ථාව ලැබේවි...!

:       0       16

chandrasiri rathnaweera Sunday, 30 July 2023 02:33 PM

අපේ පැත්තේ පොලීසි ගැන කතාකරලා වැඩක් නැහැ... ඔය පැත්තේ පොලීසියක ලොකු මහත්තයෙක් අම්බලන්තොට පැත්තේ නරක වැඩක් කරන්න ගිහින් ගම්මුන්ගෙන් ගුටිකාලා කකුල කඩාගෙන තවම ඇවිදින්නේ කිහිලිකරුවෙන්.

:       0       3

රුචිර Sunday, 30 July 2023 03:58 PM

මේ ගෑනු කෙනා මොකටද බයික් එකට නැග්ගේ...? බලෙන් ඕකට නග්ගන්න බැහැනේ. කැමැත්තෙන් ගිහින්... රාළහාමි වෙච්චි පොරොන්දුව කඩ කරන්න ඇති. ගෑණුනේ...

:       4       7

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 90 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 259 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 202 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 765 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 314 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 593 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site