(නිමල කොඩිතුවක්කු)
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉලක්ක ගත වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹදී පැවසීය.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙසේද කීවේය.
‘‘මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනයෙන් අපනයන 34%ක් වගේ තිබුණා. ඒක 14%කට වඩා බස්සලා තමයි අපිට දුන්නේ.
අපනයන සඳහා ප‍්‍රමුඛත්වය දෙන්න අපි සැළසුම් කරලා තියෙනවා. පෞද්ගලික අංශය රජය එක්ව අපි අපනයන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා. එයට අනුව අපි මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.
රුපියල් බිලියන 11 කට වගේ තිබුණු අපනයන ප‍්‍රමාණය බිලියන 16 කට වගේ නංවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේක බිලියන 40 දක්වා ඉහළ නංවන්න පුලූවන්නම් ඩොලර් එකෙන් රුපියලට වන බලපෑම වළක්වා ගන්න පුලූවන්.
රුපියල ශක්තිමත් කරනකන් අපනයනය වැඩි කර ගත යුතුයි. අපේ ආණ්ඩුවක් නොතිබුණ නිසා අවුරුදු 20ක් තිස්සේ අපනයන වැඩිකරගන්න අපිට අවස්ථාවක් ලැබුනේ නැහැ. අපනයන කරුවන්ගේ ප‍්‍රශ්න මේ වනවිට අපි සියයට 98ක් පමණ විසඳලා තියෙනවා.
රුපියල් බිලියන 11 ක් වන අපේ අපනයන ආදායාමෙන් බිලියන පහ මාරක මුදලක් අපිට ලැබෙන්නේ ඇඟලූම් කර්මාන්තයෙනුයි.
අපනයන සඳහා කාන්තාවන් පුහුණු කිරීම අපි මේ වනවිට කරගෙන යනවා. මගේ වැඩ පිලිවෙළක් යටතේ මේ වනවිට කාන්තාවන් 10,000ක් පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණු කිරීම සඳහා එක් කාන්තාවකට රුපියල් 80,000ක් පමණ වැය වෙනවා. දැන් ඒ කාන්තාවන් රුපියල් තිස් දහසේ සිට ලක්ෂයක් දක්වා මුදලක් නිවසේ සිට උපයනවා.
මේ පුහුණු කිරීමට අවශ්‍ය මුදල් දිරිය කාන්තාවන් කියන වැඩසටහන මගේ පදනමක් යටතේ ලබා දෙනවා. ඒ සඳහා මම ලක්ෂ 140ක මුදලක් වෙන් කරලා තියෙනවා. 2025 වන විට ලක්ෂයක පිරිසකට මේ යටතේ පුහුණුව ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
පුහුණු ව ලැබූවන් සඳහා දැන් අපිට ඇනවුම් ලැබී තිබෙනවා. මේ වනවිටත් අපිට බෑග් 10,000 ක ඇනවුමක් ලැබිලා තියෙනවා. මේ සියලූ ලාභය යන්නේ අපේ කාන්තාවන් සඳහායි. ඉදිරියේදීත් අපිට ප‍්‍රමුඛ සමාගම් වලින් ඇනවුම් රැසක් ලැබිලා දීලා තියෙනවා.
මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න සියලූ පිරිස් සඳහා ඉදිකට්ටේ නූලේ ඉදන් සියලූ දේ අපි නොමිලේ ලබා දෙනවා. එම පුහුණුවත් අපි සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා. මෙයට සම්බන්ධ වෙන්න කැමති පිරිස් ඉන්නවනම් දිරිය කාන්තාවන් වැඩසටහනේ 0766 670 465 යන දුරකතන අංකයට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලිමක් කරනවා’’ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවැසීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා - සුජීව සේනසිංහ