(රෝහණ සමරවීර, සමිපත් ප්‍රියනන්දන, ලසන්ත නිරෝෂණ පෙරේරා, සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ ගවරංහේන ග්‍රාම සේවා වසමෙිි වැහින්තැන්න ප්‍රදේශයේ නාය යැමට ලක්වු ස්ථානයට ආසන්නයේ ඇති නිවාස පහක පදිංචි පවුල් හයකට අයත් සාමාජිකයන් 25 දෙනෙකු ඉන් ඉවත්කර තාවකාලිකව ඥාති නිවස්වල රදවා තැබිම කටයුතු කර ඇතැයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවැසිය.
එලෙස ඥාති නිවස්වල තාවකාලිකව රඳවා ඇති සමාජිකයින අතර පාසල් යන දරැවන්ද කිහිප දෙනෙකු සිටින බව ඒ මහතා කිය.
එම ජනතාවට අවශ්‍ය වියළි ආහාර බෙදා දිම සදහා බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිළධාරි නිමල් ගණිතගේ මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන බව හේමන්ත බණ්ඩාර මහතා කිය. බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හගරන්ගල බබරගල කන්දේ තවත් කොටසක් පෙරේදා 13 රාත්‍රි නාය ගොස් තිබේ.
එසේ නාය ගොස් ඇත්තේ බබරගල කන්ද මුදුනේ කොටසකි. එම කොටස කදු පාමුලට රූටා නොගොස් අතර මග නැවති තිබේ .
කන්ද නාය යාම නිසා යටවී අතුරුදහ් එකම පවුලේ සිව් දෙනාගේ සිරූරු සෙවිමට දුෂ්කරතා ඇති වි තිබෙන ද ඊයේ 14 උදැසන සිට සිරුරු සෙව්මේ කටයුතු යළ ආරම්භ කළ බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසිය.
බඹරගල කන්ද නායයෑම ගැන පරික්ෂා කිරිමට ගොඩනැගිලී හා පර්‍යේෂණ ආයතනයේ නිළධාරිහු පිරිසක් ඊයේ 14 වනදා පැමිණියහ.
පසුගිය 12 වැනි දා කන්ද නාය යාමෙන් යටවූ එකම පවුලේ සිව් දෙනා සිටි නිවස සම්පූර්ණයෙන්ම යටවි ඇති අතර එම ස්ථාණයේ තිඹි ජංගම දුරකථනයක් හමුවි තිබේ. මියගිය අයකුගේ පාදයක කොටසක් මතු වූ බව ද සහන කණ්ඩායම් කියයි. නාය යාමට සම්පූර්ණයෙන්ම අසුව ඇති නිවෙස තිබූ ස්ථානය විශාල ප්‍රමාණයේ කළු ගලක් ඇති බවත් මළ සිරුරු සෙවීම පහසු නොවන බවද යුද හමුදා සහන කණ්ඩායම් පවසති.
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කන්දට යටවූ හතර දෙනා අදත් සොයා ගන්න බෑ