IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොන්දොස්තර මගියාගේ කන කාලා

(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථයක් තුලදී කොන්දොස්තරවරයා සහ මගියකු අතර ඇති වූ බහින්බස් වීමක් අතරතුර කොන්දොස්තරවරයා  මගියාගේ දකුණු කණෙහි කොටසක් සපා කා කඩාගෙන ගිල දමා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

අදාල මගියා අද (17) රාත්‍රි නාවින්න ප්‍රදේශයෙන් එම පෞද්ගලික බස් රථයට ගොඩවී ඇති අතර ගොඩගම දක්වා බස් රථයට මුදල් ලබා දී රියදුරු අසුන අසල සිටගෙන පැමිණ ඇත.

එම අවස්ථාවේදී කොන්දොස්තරවරයා  කිහිපවරක් මගියාට බස් රථයේ පිටුපසට යන ලෙස දැනුම් දී ඇති බවත් එහිදී ඇති වූ බහින්බස් වීමකදී කොන්දොස්තර  මගියාට පහර දී කණෙන් කොටසක් සපා කා ගිල දමා ඇතැයි ද පොලිසිය පවසයි.

මහරගම ගුරු විද්‍යාලය ආසන්නයේදී සිදුවීම සිදුවී ඇති අතර හෝමාගම නගරයට ලංවෙන අවස්ථාවේදී මගියාගේ කණෙහි කොටසක් නොමැති බව තවත් මගියකු  අදාල තරුණයාට දැනුම් දී ඇත.

ඒ අවස්ථාවේදී කණ අත ගා බැලීමේදී කණෙමි කොටසක් අඩු බව දැනගත් අදාල මගියා මීගොඩ පොලිසිය අසලින් බස් රථය නවත්වා මේ පිළිබදව මීගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇත.

එම අවස්ථාවේදීම බස් රථයේ සැගව සිටි කොන්දොස්තරවරයා මීගොඩ පොලිසියේ නිළධාරීන් අත් අඩංගුවට ගෙන තුවාල ලැබූ මගියා රෝහල් ගත කිරීමට පියවර ගත් බවද මීගොඩ පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ අවිස්සාවේල්ල පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකරු ⁣වැඩිදුර පරීක්ෂණ සදහා මහරගම පොලිසිය වෙත භාර දීමට නියමිත වේ.

 



අදහස් (0)

කොන්දොස්තර මගියාගේ කන කාලා

ඔබේ අදහස් එවන්න

දියත

පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 321 0

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 263 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 832 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 944 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 495 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 871 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39260 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25623 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1105 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site