IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


කන්න නැති අලි මින්නේරිය - කවුඩුල්ල හැර යති

(චාපා මධුභාෂිණී)

මින්නේරිය සහ කවුඩුල්ල ජලාශයන් අවට තෘණ බිම් ජලයෙන් යටවීමත් සමග වල් අලින්ට අවශ්‍ය පරිදි ආහාර නොමැති වීම හේතුවෙන් අලි විශාල සංඛ්‍යාවක් වෙනත් ප්‍රදේශයන්ට සංක්‍රමණය වන බව ඒම උද්‍යාන ආරංචිමාර්ග කියයි.

වල් අලි 400 පමණ ඒකම ස්ථානයක සිට නැරඹිය හැකි ලෝකයේ සුවිශේෂි ස්ථානයක් වන මින්නේරිය ජාතික වනෝද්‍යානයේ මේ දිනයන්හිදි අලි 25 වත් නොමැති බව මින්නේරිය ජාතික වනෝද්‍යානය කියයි.

මින්නේරිය සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්හි සිටින වල් අලින්ට ප්‍රමාණවත් පරිදි තෘණ පිටි නොමැති වීම හේතුවෙන් අලි විශාල සංඛ්‍යාවක් දිඹුලාගල සහ වැලිකන්ද යන ප්‍රදේශයන්ට ආහාර සොයා සංක්‍රමණය වන බව මින්නේරිය ජාතික වනෝද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා කියයි.

මෙම තත්ත්වය හේතුවෙන් දිඹුලාගල සහ වැලිකන්ද යන ප්‍රදේශයන්ට කඩාවදින මෙම වල් අලි රංචු ගොවි බිම් විශාල වශයෙන් විනාශ කරන බවත් තවද මේ හේතුවෙන් ඒම ප්‍රදේශයන්හි අලි මිනිස් ගැටුම්ද සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යා ලේඛන වාර්ථා ඉදිරිපත් වන බව ඒ මහතා පැවසීය.

මොරගහකන්ද ජලාශය ඉදි කිරීමත් සමග 2018 වර්ශයේ සිට මේ දක්වා කන්තලේ සහ කවුඩුල්ල යන ජලාශයන්ට ජලය බෙදා හැරීම සදහා මින්නේරිය ජලාශය ජලය ගබඩාවක් ලෙස විටින් විට ජලය ඒක් රැස් කරන බවත් හේතුවෙන් වල් අලින්ගේ චර්ය රටාවන්ට මෙය බලපෑමක් වී ඇති බවද මඩුගල්ල මහතා කීය.

තෘණ බිම් ජලයෙන් යටවීමත් පටු ලෙස ඉතිරිවූ බව කියන පිටියේ වැවී ඇති අගඩ සහ කයිල නමැති ආක්‍රමණික ශාඛ විශාල වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ නිළධාරීන්ගේ මැදිහත් වීමෙන් මේ දිනවල ඉවත් කිරීමට කටයුතු කරන බව උද්‍යාන ආරංචි මාර්ග කියයි.

පසුගිය 2020 වසරේ අගඩ ශාකය ව්‍යාප්තව තිබූ හෙක්ටයාර 260 පමණ භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සූත්‍ර මගින් ඉවත් කිරීමට වනජීවී නිළදාරීන් කටයුතු කර ඇත.

අගොස්තු, සැප්තැම්බර් යන මාසයන්හිදී වල් අලි 400 පමණ ඒකවර නැරඹිය හැකි වුවත් පසුගිය ජූලි මාසයේ දැක ගැනීමට හැකිව ඇත්තේ අලි 130 පමණි. තවද මේ වනවිට වල් අලි 35 දක්වා අඩුව ඇත්තේ ඔවුන්ට ප්‍රමාණවත් පරිදි වනෝද්‍යානයන්හි ආහාර හිග වීම බව මඩුගල්ල මහතා කියයි.

දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කාලයන්හිදී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම මිලියන 3.5 ඉක්මවන බවත් කොරෝනා වසංගතය හමුවේ විදෙස් සංචාරකයින්ගේ දිවයිනට පැමිණිම අඩු වී ඇති වුවත් නැවත සංචාරකයන් පැමිණීමට තරම් පසුබිමක් ඇති වුවහොත් සංචාරකයින්ට නැරඹීමට තරම් ප්‍රමාණවත් අලි ඇතුන් ජාතික වනෝද්‍යානයන් තුළ නොමැති බව ද මෙය ඉදිරියේදී ජාතික භාණ්ඩාගාරයට සෘජුව බලපාන බවද ඒ මහතා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මින්නේරිය ජාතික වනෝද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා කියා සිටියේ මෙවැන්නකි.

ගොවි ජනතාවගේ වගා කටයුතුවලට බාදා වන අයුරින් ජලය මුදාහරින්න කියලා මම කියන්නේ නෑ. ඒ අයට අවශ්‍ය පරිදි ජලාශයන්හි ජලය ගබඩා කොට වන සතුන්ටද ඔවුන්ගේ චර්යය රටාවන්ට බාදා නොවන පරිදි ප්‍රමාණවත් ජල ධාරිතාවක් පවත්වාගෙන යාමට සිරසාර විසදුමක් කරා යායුතුයි.

පසුව අප මේ පිළිබදව විමසීමට කවුඩුල්ල ප්‍රධාන වාරි ඉන්ජිනේරු පුනර්ජි දඹොරගම සහ මින්නේරිය ප්‍රධාන වාරි ඉන්ජිනේරු අංජන අබේසිංහ යන මහත්වරුන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඔවුන් කියා සිටියේ මෙම ජලාශයන්හි ජලය අංක ඒකටම ගොවි ජනතාවට ලැබිය යුතු බවයි. වන සතුන්ට ඔවන්ගේ ආහාර සපුරා ගැනීමට තෘණ පිටි අවශ්‍ය වුවත් ඉදිරියේදී වර්ෂාව අපේක්ෂා කර සිටියද ප්‍රමාණවත් තරම් වැසි නොලැබුනහොත් ගොවිතැනට බාදා බැමිණෙන බවද ඒම මහත්වරු අප වෙත කීය.

 



අදහස් (1)

කන්න නැති අලි මින්නේරිය - කවුඩුල්ල හැර යති

ජල්තර Wednesday, 08 September 2021 07:28 AM

ජනතාවට අලි එපා වෙලා තියෙන්නෙ. පහුගිය මහ මැතිවරණෙදි එක අලියෙකුට එන්න ජනතාව ඉඩ දුන්නද? එකෙක් පිනට ආවට දැන් අලිය අනාථයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1673 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2839 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1201 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 986 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1411 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 655 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site