IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කන්න හොඳ නැති අල සහ ලූනු දඹුල්ලෙන් සොයාගනී

(කාංචන කුමාර ආරියදාස)

මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියන ආනයනික බී ලූනු සහ අර්ථාපල් තොගයක් සිය බාරයට ගත් බව දඹුල්ල සෞඛ්‍ය අංශ පවසයි.

යුක්තිය මෙහෙයුමට සමගාමවීම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක් දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද ගබඩාවල තිබී මෙම ලූනු සහ අල තොගය සොයාගෙන ඇත.

පසුව පොලිසිය දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක යොයාන් අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ එම ගබඩා පරික්ෂාවට ලක් කළේය.

පොලිස් බාරයට ගත් පැළවී ඇති අර්තාපල් අල සහ ලොකු ලූනු තොග සීල් තබා ඒවායේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීදැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේය.

පැළවී කොළපැහැගැන්වී ඇති අර්ථාපල් අල පිළිකාකාරක සහිත අර්තාපල් අල බවත් ඒවා අනුභව කිරීම සිදු නොකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේය.

විදේශ රට වලින් අර්ථ අපල් අල සහ ලොකු ලූණු ගෙන්වන ගබඩා සංකීර්ණ මෙන්ම කන්ටේනර් රථයක් පරික්ෂා කිරීමේ මෙහෙයුමක් දඹුල්ල මූලස්ථාන පොලිසිය දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව දඹුල්ල නගර ආසන්නයේ අද පෙරවරුවේ සිදු කළේය.



අදහස් (3)

කන්න හොඳ නැති අල සහ ලූනු දඹුල්ලෙන් සොයාගනී

චාන්දනී Tuesday, 02 January 2024 03:32 PM

ඉතින් ඔය නගර සභාවට බැරිද ඔය අල ලූනු සිටුවීමට කටයුතු කරන්න. එහෙම වුනොත් හොද වගාවක් කරන්න පුළුවන්. ඕවා විනාශ කලා කියලා ප්‍රතිඵලයක් නැහැ .එහෙම බැරිනම් කෘෂිකර්ම හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවීන්ට වගාව බෙදාහැරීම කරන්න පැලවුනු අර්තාපල් වලින් අස්වැන්න ගන්න පුළුවන්

:       0       0

Kumar Tuesday, 02 January 2024 10:30 PM

කැලිෆෝනියාවේ, පැළ වූ ළූණු අනුභව කිරීම සුදුසු යැයි විශ්වාස කෙරේ. පැළවෙන ළූණු අපිම කනවා. කෙසේ වෙතත්, අර්තාපල් සම්බන්ධයෙන් ගත් කල, ඒවා සමට යටින් කොළ පැහැති නම්, එම අර්තාපල් ඉවත් කරනු ලැබේ. ඒවා විෂ සහිත යැයි සැලකේ.

:       0       0

Nandana Wednesday, 03 January 2024 10:22 AM

ඔව කුනුවෙලා විනාස වෙන එකම හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 276 0

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 589 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 516 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 214 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 583 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 758 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39156 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site