(නිමල් ජයරත්න )
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශනය ලබමින් සිටි රැඳවියන් සිව්දෙනකු අද(25) අලුයම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
පලා ගොස් ඇති රැඳවියන් ගාල්ල පෝද්දල, අක්මීන, මුලතිව්, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 ත් 34 යන වයස්වල පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
පැනගොස් සිටින සිව්දෙනාම විවාහක පුද්ගලයන් වන අතර ඔවුන්, අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, පොලිස් ස්ථාන කිහිපයකට ඒ පිළිබඳ පණිවිඩ ලබාදී ඇති බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.
ඔවුන් පලායාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම රැඳවියන්, ආහාර ප්‍රශ්න හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවට පවසා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සෙබළුන් සමග ගැටුම් ඇති කරගෙන පලා ගිය අවස්ථා කීපයක්ම වාර්තා විය.
සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේද
රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ දි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය විි නිවසක මිදුලකට
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේ
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව මාස නමයක සිර දඬුවමක් හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කන්දකාඩුවෙන් හතරක් පැන ගිහින්