(අංජුල මහික වීරරත්න)
මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කඳුකරය නියෝජනය කරන සියලු දේශපාලන නියෝජිතයන් එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අදාල යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (19) ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.
‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක ඉදිකිරීමට නියමිත නිවාස 1300ක් සඳහා මුල් ගල් ලැබීම සනිටුහන් කරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබූහ.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඳුකර දෙමළ අයිතිය රකින්න රජය කැපවී සිටිනවා
Sagarika Monday, 19 February 2024 05:58 PM
හරීන්ගේ කතාව හෙලා දකිනවා මෙයින් ඔහුගේ කතාව ඇත්ත වෙන්න යනවා කියලා පේනවා.. විපක්ෂයේ නායක උන්දැත් ඔවැනි දෙයක් කියලා තිබුණා... දැන් පේන හැටියට අපිට මොකෑ වෙන්නේ මහත්තයෝ..