IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කඳුළු ගෑස් උණ්ඩ පැහැරගත් සැකකරු හඳුනාගැනීමේ පෙරැට්ටුවකට

(නිමන්ති රණසිංහ) 

පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 දා  පැවති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහර දී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් අත් බෝම්බ පැහැර ගත්තැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (03) නියෝග කළේය. 

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අනෙක් සැකකරුවන් දෙදෙනා ද එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළේය .

අධිකරණය මගින් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රාජගිරිය හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පළමු සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උන්ඩ 55 ද දෙවන සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩයක් ද තුන්වෙනි සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩ දෙකක් ද සොයා ගත් බව වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය. 

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් ලබන 8 අට වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (0)

කඳුළු ගෑස් උණ්ඩ පැහැරගත් සැකකරු හඳුනාගැනීමේ පෙරැට්ටුවකට

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 276 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 239 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 204 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 230 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 450 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site