(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හෙට (6 වැනිදා) කෝප් කමිටුව හමුවට කැඳවා ඇතත් හෙට දිනයේ කෝප් කමිටුව හමුවට යන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. මැයි මස 20 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පස්දෙනකුගෙන් යුත් කළමණාකරණ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා පසුගිය සිකුරාදා පියවර ගැනීම ඊට හේතුව වී තිබේ.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී සභාපතිවරයා පැවසූයේ තමන් දැනුම් දීම කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා බවයි.
“අපිට තියෙන්නේ අදාළ ගණන් ගැනීමේ නිලධාරියා වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට දිනය සහ කාරණාව සම්බන්ධයෙන් දැනුම් දීමයි. ඒත් කෝප් කමිටුව හමුවට පැමිණෙන්නේ කොයි නිලධාරීන් ද කියන එක අමාත්‍යංශ නිලධාරියා තෝරා ගනීවි” යයි මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවසීය.
මේ අතර හෙට පැවැත්වෙන කෝප් කමිටු රැස්වීමට යා යුත්තේ හිටපු නිලධාරීන් වන තමන්ද නැතහොත් අලුතෙන් පත්කරන ලද කළමණාකරණ කමිටුවේ නිලධාරීන් ද යන්න විමසා නිසි දැනුම් දීමක් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරී මණ්ඩලය මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද ඉහළම ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. එම ලිපියේ පිටපතක් කෝප් කමිටුව වෙත යවා ඇතැයිද කියැවේ.
කෝප් කමිටුව විසින්, පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන ලද අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබිණ. පසුව ඔවුනට දැනුම් දුන්නේ සූදානම් වී නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බවයි.
පෙබරවාරි 11 වැනිදා කෝප් කමිටුව හමුවට ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයයි. එහෙත් පසුගිය 02 වැනිදා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද නව කළමණාකරණ කමිටුවේ සභාපතිවරයා වන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාය. ක්‍රීඩා අධක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු නව ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කෝප් කමිටුව විසින් අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතරක් (04) කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා කෝප් කමිටුව විසින් විමර්ශනය කරනු ලැබීමට නියමිතය.
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෝප් කමිටුව හමුවට යන ක්‍රිකට් නිලධාරීන් කවුරුන්ද