IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’කෝප් ලොක්කා හිතුවක්කාරයි’’

(සුජිත් හේවාජුලිගේ )

පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්)  සභාපතිවරයා  ස්ථාවර නියෝගවලට පටහැනිව හිතුමතේ කටයුතු කරන තත්වයක් පවතින හෙයින්  එලෙස කටයුතු කිරීම නැවැත්වීමට එම සභාපතිවරයා වහාම කැඳවා උපදෙස් දෙන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවමින්  අද (30) ඉල්ලීමක් කළේය.

කෝප් කමිටු සභාපතිවරයා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන බව තමා මෙන්ම සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද  පසුගියදා පැවති තේරීම් කාරක සභාවේදී  කතානායකවරයාට පෙන්වා දුන් බව  එම ලිපියේ දැක්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 අනුව කෝප් කාරක සභාවට යම් විමර්ශනයක් කළ හැක්කේ රජයේ විගණකාධිපතිවරයාගේ විගණන විමසුම්(Audit Query) මගින් හෙළිදරව් කරන කාරණා  ගැන පමණක් වුවත් වර්තමාන කෝප් කමිටු සභාපතිවරයා වෙනත් කාරණාද ස්ථාවර නියෝග වලට පටහැනිව සාකච්ඡාවට ගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා  එය වැරදි ක්‍රියාවක් බවද ප්‍රකාශ කළේය.

එසේම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යම් ආයතනයක කටයුතු විමසන අවස්ථාවේදී  ඒවායේ නිලධාරීන් විස්ස විසි පහ එකවර ගෙන්වීම ඒ ආයතනවල කටයුතු පවත්වාගෙන යෑමට  විශාල ප්‍රශ්නයක් යැයි  එම නිලධාරීන් තමාට පැමිණිලි කර ඇති බවත් යම් කාරණයක් විමසීම සඳහා ආයතනයකින් නිලධාරීන් පස්දෙනෙකු කැඳවීම ප්‍රමාණවත් බවත්  කිරිඇල්ල මහතා කතානායකවරයාට  එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා හමුවී සාකච්ඡා කිරීමටද තමා බලාපොරොත්තු වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.



අදහස් (3)

’’කෝප් ලොක්කා හිතුවක්කාරයි’’

Galapita Tuesday, 30 May 2023 01:11 PM

ඔව් ඔව්. නුඹලාගෙ වෘශණ දෝලනය කරන ලෙවල් එකේ එකෙක් පත්කරගත්තොත 225 ටම හොඳයි නෙ?

:       2       16

සසර Tuesday, 30 May 2023 05:47 PM

දේශපාලන සම්ප්‍රප්පලාප වලට වෙන් කල අවකාශය කෘෂිකාර්මික තොරතුරු වෙනුවෙන් වෙන් කලා නම් රටට ලොකු සෙතක් වෙයි.

:       0       1

Nimal Tuesday, 30 May 2023 09:48 PM

පිස්සු හැදෙන සඳ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 76 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 145 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 234 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 191 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 280 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2701 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24987 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site