IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කපිතාන් ලෙස පෙනී සිට කප්පම් අරන් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදා විශේෂ බලකායෙ කපිතාන්වරයකු ලෙස හා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හඳුන්වා දෙමින්  ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබාගත් යුද හමුදාවේ හිටපු සෙබළෙක්  ගල්කිස්ස ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිට දී  පානදුර  වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ තරු තරුපහේ හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු රැකියාවක් කරන්නෙක් බවට අනාවරණය විය

වැල්ලවත්ත සිට මොරටුව දක්වා  භාරව සිටින යුද හමුදා විශේෂ බලකායෙ කපිතාන්වරයකු ලෙස සහ සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස  හඳුන්වාදෙන පුද්ගලයකු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හමුවට ගොස්  කිසිදු හිරිහැරයක් නොමැති ව ජාවාරම සිදු කර ගැනීම සඳහාය අවස්ථාව ලබාදෙන බව පවසා කප්පම් මුදල් ලබා ගැනීමේ නිරත වන බවට  පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව  උපක්‍රමශීලීව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ   මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සොයා මෙහෙයුමක් සිදු කරන බව පවසා උපක්‍රමශීලීව සැකකරුව ගල්කිස්ස ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිටට කැඳවා  සැකකරු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර  ඇත

අත්අඩංගුවට ගත් සැකකරු  වසර 34 ක් යුද්ධ හමුදාවේ සෙබළකු ලෙස  රත්මලාන කඳවුරේ ස්වේච්ඡා  භට සේනාංකයේ 4  වන රෙජිමේන්තුවේ සේවය කර ඇති  අතර කෑගල්ල උඩවත්ත පදිංචිකරුවෙකි 

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පානදුර වලාන දූෂණ මර්දන  ප්‍රහාරක ඒකකයේ  අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය  කුමාර ,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජනිත, පොලිස් සැරයන්409 විජේරත්න ,කොස්තාපල්වරුන් වන 87119 අමිල  , 92896 අකිල  ,89631 අබේරත්න මහත්තුරු පරීක්ෂණ පවත්වයි



අදහස් (1)

කපිතාන් ලෙස පෙනී සිට කප්පම් අරන් මාට්ටු

sachith Tuesday, 14 March 2023 09:31 AM

"සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස හඳුන්වාදෙන පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හමුවට ගොස් කිසිදු හිරිහැරයක් නොමැති ව ජාවාරම සිදු කර ගැනීම සඳහාය අවස්ථාව ලබාදෙන බව පවසා කප්පම් මුදල් ලබා ගැනීමේ නිරත වන බවට" me kiyala thiyena widihata me paminilla idiripath karala thiyenne mathdraywa jawaram karayo neda? ethakota polisiya karala thiyenne mathdrawya jawaram karayonta karadarayak wechcha thawath horekwa ahak karapu eka neda?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 75 0


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 107 0


රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 521 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 623 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 435 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 499 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1689 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site