IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කුප්පි ලාම්පුව පෙරැලී සිසුවිය මරුට

(ඉන්දිකා  රාමනායක)

ලාම්පුවක් දල්වා  පාඩම් කරමින් සිටි 16 හැවිරිදි සිසුවියක් ලාම්පුව පෙරළී පිලිස්සුම් තුවාල ලබා මියගොස් ඇතැයි කන්කසන්තුරේ පොලීසිය  කියයි.

 කන්කසන්තුරේ  ඉලවාලි ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස මිය ගොස් තිබේ .

විදුලිය  විසන්ධි වූ අවස්ථාවේ දී ඊයේ (2) රාත්‍රියේ මෙම සිසුවිය  ලාම්පුව දල්වාගෙන සිය කාමරයේ දොර වසාගෙන පාඩම් කරමින් සිටියදී එය පෙරළී යාමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි .

සිය පියා විසින්  ගෙන එන ලද පෙට්‍රල් බෝතලයක් එම කාමරයේ තිබී ඇති අතර  ලාම්පුව පෙරලීමෙන් ගින්න  පෙ‍ට්‍රල් වලට ඇවිලී මෙම ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිසුවියගේ බාල සොහොයුරා ඇයට පාඩම් කිරීමට බාධා කිරීම හේතුවෙන් සිසුවිය නිවසේ දොර වසාගෙන පාඩම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ගින්න ඇති වීමත් සමගම කාමරයේ දොර වසා තිබීම හේතුවෙන් නිවැසියන් ට   ක්ෂණිකව සිසුවිය බේරා  ගැනීමට නොහැකි වී ඇති අතර .නිවැසියන් දොර කඩා සිසුවිය බේරා ගන්නා අවස්ථාවේ ඇය දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

කුප්පි ලාම්පුව පෙරැලී සිසුවිය මරුට

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 0 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 368 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 236 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 698 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 678 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 421 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1914 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site