IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කප්පම් කන්න පැන්න දෙන්නා අල්ලා පොලිසියට දෙයි

 

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ගිනි අවියක් අතැතිව කප්පම් ගැනීමේ අරමුණින් කුලියාපිටිය ප්‍රදේශයේ නිවසකට කඩාවැදුනු පුද්ගලයන් දෙදෙනකු එම නිවැසියන්  ගම්වාසීන් ගේ සහය ඇතිව අල්ලා පොලිසියට බාරයට පත් කළ බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි.

වඩුගෙදර දික්වෙල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට රාත්‍රී 9.00 මෙම කප්පම්කරුවන් පැමිණ ජීවිත තර්ජන කර ස්ත්‍රී දූෂණයක් කිරීමට තැත්කළ බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණ.

මීට පෙර අවස්ථාවකද මෙම පුද්ගලයන් දෙදෙනා පැමිණ බලහත්කාරයෙන් කප්පම් ලෙස රුපියල් පහළොස් දහසක මුදලක් රැගෙන ගිය බව අදාල නිවසේ පදිංචි කරුවෝ කියති.

මෙවරද රුපියල් විසි පන්දහසක මුදලක් සූදානම් කර තබන ලෙසත් එසේ නොමැති වුවහොත් ඔලු කුඩුවීමට වෙඩි තබන බවත් කියා තිබූ බව එම නිවසේ පදිංචි වයස අවුරුදු 60 කාන්තාවක් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

ඇය වැඩිදුරටත් පොලිසියට කියා ඇත්තේ කප්පම්කරුවන් පැමිණෙන විට ආරක්ෂාව සදහා සිය පුත්‍රයා නිවසෙන් පිටකර යැවූ බවයි. එම අවස්ථාවේ දී ප්‍රධාන සැකකරු විසින් සිය ලේලිය දූෂණය කරන බව පවසා කාමරයකට ඇදගෙන ගිය බවත් එහිදී තමන් යකඩ පොල්ලකින් ඔහුට පහරදුන් බවත් ඇය කියා ඇත.

ඔහු ඇද වැටුනු පසු අනෙක් පුද්ගලයා ලේලිය ඇදගෙන ගිය බවත් එහිදී ඔහුටද යකඩ පොල්ලෙන් පහරදුන් බවද කාන්තාව පොලිසියට කියා ඇත. මෙම කප්පම්කරුවන් තමන්ට මත්ද්‍රව්‍ය ගැනීමට මෙසේ ප්‍රදේශවාසීන් බිය ගන්වා මුදල් ලබාගන්නා බවද එම කාන්තාව පොලිසිය හමුවේ පවසා ඇත.

අත් අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා දරුණු තුවාල ලබා සිටි බැවින් කුලියාපිටිය මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් සතුව තිබූ විදේශයක නිෂ්පාදිත පිස්තෝලය සහ සැකකරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය බාරයට ගෙන තිබිණ. එම පිස්තෝලය පසුගිය යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කළ වර්ගයේ එකක් බවට පොලිසිය සැක කරයි. කෙසේ වෙතත් මෙම පිස්තෝලය සදහා භාවිත කරන් උණ්ඩ සැකකරුවන් සතුව තිබී නැති බවද පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය පහළ දියදොර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43 සහ 31 වයසේ පසුවන පුද්ගලයින් වන අතර එහි ප්‍රධන සැකකරුට එරෙහිව කුලියාපිටිය මහාධිකරණයේ ස්ත්‍රී දූෂණ සහ අපරාධ සම්බන්ධ නඩු පහක් පමණ විභාගයේ පවතින බවද පොලිසිය කියයි.

 

 



අදහස් (6)

කප්පම් කන්න පැන්න දෙන්නා අල්ලා පොලිසියට දෙයි

Raveendra Sunday, 26 September 2021 09:10 PM

මේ මවට සමාජයට කිරීමට තිබු මහගු සේවයක් ඇයගෙන් ගිලිහිගොස් ඇති බවක් පෙනෙන්නේ අපට පමණක්ද ?

:       0       0

පැරකුම් Sunday, 26 September 2021 09:41 PM

නියම වීර කාන්තාවක්…!

:       0       4

Mangala Sunday, 26 September 2021 10:52 PM

ආයේ සැරයක් ඇප දීලා එළියට දාන්න. එතකොට ආයේ අල්ලන්න පුලුවන්නේ. කාගෙන් හරි මැරුම් කනකන් ඔය චක්කරේ ඔහොමම යන්.

:       0       4

නිලාන් Monday, 27 September 2021 08:17 AM

මේ වගේ අය දඬුවම් අවසන් වී ආවත්, වර්ග කිලෝමීටරයක වගේ සීමාවක් සාදා එහි පමණක් නිදහසේ සිටීමට සැලැස්විය යුතුයි. රට වැසියන්ට පීඩාවක් මොවුන්.

:       0       6

Neethiya slow Monday, 27 September 2021 09:22 AM

මට හිතා ගන්න බැරි මේ ස්ත්‍රී දූෂණ නඩු 5 තියෙන කෙනෙක් ඔහොම එළියේ රවුම් ගහන්න අතෑරලා දාලා තියෙන එක.

:       1       6

RaveendraMonday, 27 September 2021 11:28 AM

සුදු කබා ඇඳගත්ත ගම් කබරයින්ගේ බේගල් තර්කවලින් යම රජ්ජුරුවොත් යමලෝකේ හිරකරලා ඉන්න ඔක්කොම නිදහස් කරලා තියෙන එකේ මේවා සුළු වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 604 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3387 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4211 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11042 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4080 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 547 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 269 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site