(කේ.බුද්ධික කුමාරසිරි)
පාදුක්ක හංවැල්ල බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් කප්පම් ඉල්ලා ලබා නොදීමෙන් එයට උරණ වු පුද්ගලයෙක් කොන්දොස්තරවරයාට පිහියකින් ඇන පලාගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
තුවාල ලැබූ කොන්දොස්තරවරයා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ ශරීරයේ ස්ථාන හතරකට තියුණු ආයුධ ප්‍රහාර එල්ල වී ඇතැයි ද ප්‍රතිකාර ලැබීමෙන් පාදුක්ක දිසා රෝහලේ වාට්ටුවක නේවාසිකව සිටින බවද පාදුක්ක දිසා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය
තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කල සැකකරු අදාල බස් රථයට තුන්නාන ප්‍රදේශයේ දී ගොඩ වී ඇති බවත් එහිදී සැකකරු විසින් කොන්දොස්තරවරයා ගෙන් රුපියල් දෙදහසක මුදලක් ඉල්ලා සිට ඇති බවත් එම මුදල ලබා දීම එහිදී කොන්දොස්තරවරයා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි ද අනාවරණය වූ බවද පොලිසිය පවසයි
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කප්පම් නොදුන්නැයි කොන්දොස්තරට පිහියෙන් ඇනලා
පිටරටවැසියා Friday, 07 June 2024 04:05 PM
හෙඩිම දැක්ක ගමන්ම හිතුවේ ගම්පහ පැත්තේ කියලයි..
wedageFriday, 07 June 2024 04:30 PM
හැබැයි ගම්පහ නෙවෙයි, මේ පාදුක්ක පැත්තේ...!
Majula Bandari Friday, 07 June 2024 05:22 PM
කොහොම හරි සොයාගෙන පින්තූරයක් සෑම ලංගම හා පුද්ගලික බසයකම ප්‍රදර්ශනය කරන්න හඳුනා ගත්තාම කිසිම බසයක ප්‍රවාහන පහසුකම් නොදෙන්න මෙහෙම එවුන්ට දඬුවම් කරන්න වෙනත් විකල්පයක් නැහැ...
Nilantha Friday, 07 June 2024 07:01 PM
කොළඹ ප්‍රදේශයේ බස්වල හිඟන වෙස්ගත් මංකොල්ලකාරයෝ මගීන්ගෙන් කප්පම් ගන්න එන්නේ මගීන් මානසිකව පීඩාවට පත්කර තමයි. ඔවුන්ටත් මොකුත් කරන්න පුළුවන් නම් හොඳයි...
lelwala Saturday, 08 June 2024 01:44 AM
ජෙප්පෙක් වෙන්න ඇති
PereraSunday, 09 June 2024 02:55 AM
බඩ තඩි කප්පම් සූරයාගේ ගෝලයෙක් වගේ...