IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘කොපමණ දක්ෂ වුවත් අන් සහයෝගය නැත්නම් ගමන අසාර්ථකයි‘‘

(ඩයනා උදයංගනී)

සුබවාදී බව,ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පැවසීය.

පුද්ගලයකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත අයකුට වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති එහි 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය.

පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් මෙහිදී විසිර ගියහ. සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බව කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා නායකයකු ලෙස ගමන ආරම්භ කරන විට තමන් යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බවත්, එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බවත් පැවසීය.

මෙහිදී සිය සහභාගීත්වය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා පැළයක් ද රෝපණය කළේය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (30)

‘‘කොපමණ දක්ෂ වුවත් අන් සහයෝගය නැත්නම් ගමන අසාර්ථකයි‘‘

Hafeel Sunday, 19 December 2021 02:52 PM

නමුත් වර්තමානයේ විධායක බලයත්, තුනෙන් දෙකක බලය සහිත පාර්ලිමේන්තුවත්, විස්සත් සම්මත කරලත් සහ සහෝදර සමාගමේ සහයෝගය තියලත් මේ ජනාධිපති අසාර්ථකයි. එ්කට තමයි කියන්නේ කොතරම් සහයෝගය තිබුණත්, තමාට හැකියාවක් නැත්නම්, කිසිම ඵලක් නැහැ. කිහිප වතාවක් ඇමැති මණ්ඩල සංශෝධනය කළා. ගැසට් පත්‍ර ගණනාවක් නිකුත් කළා. පසුව අවලංගු කරපු අවස්ථා බොහෝ තිබුණා. නමුත් කිසිම ඵලක් නැහැ.

:       133       119

gamunuSunday, 19 December 2021 06:36 PM

කොපමණ දක්ෂ වුවත් අන් සහයෝගය නැත්නම් ගමන අසාර්ථක නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිහිප අවස්ථාවක් ප්‍රසිද්ධියේ රටටම කියාසිටියේ සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ අපි අසාර්ථක නම් නැවත අපි වෙනුවට අසාර්ථක පරාජිත වූ විපක්ෂයට යලිත් බලය ලබා නොදී අලුත් කණ්ඩායමකට නැවත බලය ලබාදෙන්න කියලා. රටේ ජනාධිපති වී රටට වෙනසක් කිරීමට උත්සාහ කළද වර්තමානයේ ඔහු බලයට ගෙනා කණඩායමේ ක්‍රියාකලාපය නිසා ඔවුන් සමග ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිරීමට නොහැකි බව ඔහු ප්‍රසිද්ධියේ කියා සිටීම අගය කරමු. රටට වෙනසක් වෙනුවෙන් අලුත් කණඩායම් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දරන උත්සාහයට සහයෝගය ලබාදෙමු.

:       45       65

මොළහතාSunday, 19 December 2021 07:08 PM

වියත්මග කියලා කට්ටියක් ඉන්නේ. ජනතාව අන්දන්න ඕන බේගලයක් ගහනවා...

:       14       60

සමන්ත Sunday, 19 December 2021 10:33 PM

දැන් මෙයා කියන්නේ මම දක්ෂයි, එ්ත් අනිත් අය අසාර්ථක වීම නිසා රජය අසාර්ථකයි කියලාද? මේවාට කොහෙන් හිනාවෙන්නද කියන්නේ ලොක්කා...? අපිත් දේශපාලනය කරලා තියෙනවා. දේශපාලනය ගැන ටිකක් දන්නවා. කරපු මිනිස්සු දැකලාත් තියෙනවා. අහලාත් තියෙනවා. එ්ත් ඔහොම කතානම් අහලා නැහැ. නටන්න බෑ පොළව ඇදයි වගේ...

:       0       6

DonSunday, 19 December 2021 06:49 PM

දක්ෂයා දන්නවා අන්‍යයන්ගේ සහයෝගය ගන්න විදිහ අපූරුවට... අදක්ෂයාට තමයි කරගන්න බැරි...

:       24       64

seneMonday, 20 December 2021 07:45 AM

මා හරි උගතා, මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයකි.. බොරුවෙන් රට වැනසේවි. නැද්ද දොන්?

:       0       8

යෝගා Sunday, 19 December 2021 03:14 PM

ඇත්ත. ඒ වගේම ගොබ්බ හොරු අයින් කරලා දක්ෂයින් පත් කර හොඳ කණ්ඩායමක් හදා ගන්නත් වෙනවා...

:       5       118

AkilaSunday, 19 December 2021 05:13 PM

හොරු ටික ඉන්නේ පවුලේම තමයි...

:       67       82

බද්රානි Sunday, 19 December 2021 03:56 PM

උද්දච්ඡකම ඉහට ගහගෙන කටින් බතල හිටෙව්වාට රටක් පාලනය කරන එක පහසු නැහැ කියලා දැන්වත් තේරෙනවාද? හැබැයි මොනවා වුණත්.. හොරුයි, මිනීමරුවොයි, කුප්‍රකට ව්‍යාපාරකයින්, බඩගෝස්තරවාදී කල්ලිය නම් නියමෙටම ගොඩ ගියා මොහුට පින්සිද්ධ වෙන්න. ඇත්තෙන්ම මෙතරම්ම අමනෝඥ අඥාන තීරණ තීන්දු ගත් මේ රට පාලනය කළ වෙනත් නායකයෙක් නම් නැහැ. එ්ත්, කිරිබත් හැලිපිටින් ගිලපු අඥාන ජනතාවට මම නම් කියන්නේ හොඳ වැඩේ කියලයි. ඔහොම වෙලා මදි නුඹලාට? පටවපල්ලා ගැහැණු දරුවන් පිටරටවලට.. අන්න එතකොට නුඹලාගේ සල්ලිවලින් තවත් සැප විඳියි... ඔවුන් නියමෙටම....

:       81       89

පිටිගල මිලානෝ Sunday, 19 December 2021 04:04 PM

පරිපාලනයෙහි සහ ක්‍රියාවෙන් නායකත්වයේ දක්ෂකම් පෙන්වූ සරත් ෆොන්සේකා ඇතුළු අනුර කුමාර, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, රාසමානික්‍යම් වැනි අයගේ නායකත්වයෙන් රජයක් පැමිණ ගරු අධිකරණය මගින් සියලුම හොරුන්ට අදාල දඬුවම් දී රටට අහිමි වූ පැන්ඩෝරා වැනි හංගා ඇති මුදල් රටට නැවත ලබාගත යුතුයි. දේශපාලකයින් මතිමතාන්තර දුරලා යහපත් සන්ධානයකට ගියොත් ඡන්ද දායකයා තම යුතුකම වෙලාවට ඉටුකරයි...

:       77       60

යෝගා Sunday, 19 December 2021 05:53 PM

පරිපාලනයේ හා ක්‍රියාවේ දක්ෂකම් පෙන්වූ අනුර කුමාර, චම්පික? කොහෙන් හිනාවෙන්නද මේ කතාවට නම්....?

:       46       93

පිටිගල මිලානෝ Sunday, 19 December 2021 09:13 PM

සිංහල කියවීමේදී ඔබ දුර්වල බව පෙනේ.

:       1       4

සෙනෙවිරත්න Monday, 20 December 2021 04:52 AM

ඇයි හිනා, දැන් ඉන්න කට්ටියට පින් සිදුවන්න ඔය හොදට කරල තියෙන්නෙ. තාමත් කඩේ යනව. මෙයාට ඉල්ලපු සේරම ලැැබිල නාහෙන් අඩනව.

:       0       6

Sunil Sunday, 19 December 2021 04:16 PM

ආඩම්බර ගමන සාර්ථකත්වය දෝරෙගලන නිසාද? 

:       49       50

saman Sunday, 19 December 2021 04:34 PM

අනුන්ට දොස් පවරන්න කළින් තමුන් දක්ෂයෙක්ද කියලා ස්වයං අධ්‍යයනයක් කරලා ඉන්න.

:       44       68

වැඩ බැරි ටාසන් Sunday, 19 December 2021 04:48 PM

දැන් තේරෙනවා ඇති නේද මේ විදිහට මේ කට්ටිය පමණක් එකතු කරගෙන යුද්ධය කළානම් ප්‍රභාකරන් මැරෙන්නේ දියවැඩියාව රෝගයෙන් මිස යුද්ධයෙන් නොවේ කියලා. හොඳ වෙලාවට ෆොන්සේකා වගේ වැඩේ දන්නා අය හිටියේ...

:       36       65

Rohan Sunday, 19 December 2021 04:59 PM

කොපමණ දක්ෂ වුණත් දේශපාලන ලෝකයේ ඔබ තවම ලදරුවෙක්...

:       27       56

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 19 December 2021 05:04 PM

මොනතරම් ලස්සන කතාවක්ද...? අහන් ඉන්න ආසයි.. මරු සර්..

:       11       28

සෑම් Sunday, 19 December 2021 05:58 PM

කවද්ද ආවේ?. දන්නෙත් නැහැ හොරෙන්ම ඇවිල්ලා...

:       27       38

gamage Sunday, 19 December 2021 06:09 PM

නටන්න බැරි මිනිහාට පොළව ඇදයි..

:       23       64

Lal Sunday, 19 December 2021 07:20 PM

රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද..? මුළු රටම ගිනි ගන්නවා. දේශපාලුවන් රට කනවා. කොමිස් ගහනවා, පිස්සු කෙලිනවා, කිසිම විසඳුමක් නෑ, නන්දසේන මෙහෙ බයිලා ගහනවා..මේ මනුස්සයාගේ හැටිද..?

:       0       6

Lal Sunday, 19 December 2021 07:32 PM

දක්ෂයි කියලා හිතලා තමයි රටේ ජනතාව නන්දසේනව බලයට ගෙනාවේ.. ඒ වගේම රටේ ජනතාවගේ සම්පූර්ණ සහයෝගයත් තිබුණා.. දැන් අනුන්ට වරද පටවන්න උත්සාහ කරන්න එපා.. තමන්ගේ වැඩේ හරියට නොකර දැන් මේ මොනවද ගහන බයිලා... මේ මනුස්සයගේ ජානවල හැටිද..?

:       0       6

Lal Sunday, 19 December 2021 07:35 PM

දැන් මේ මනුස්සයාව මෙයාගේ පවුලේ අය වගේම දකින්නත් අප්පිරියයි..

:       0       4

Mama Sunday, 19 December 2021 11:26 PM

රටට බලාපොරොත්තු රැසක් දී, බලය ලබාගෙන එයිනුත් ඔබ්බට යමින් 20 වැනි ආ. ව්‍යවස්ථා සංශෝධනයෙන් අසීමිත බලයක් හිමිකර ගත්තේය. ලබාගත් බලය ජනයහපතට යෙදීම වෙනුවට ඔහුවටා සිටින නෑදෑ සහ හිතවත් පිරිසකට රට විනාශ කිරීමට අවස්ථාව ලබාදී ඇත. බලය ලබාගැනීම වෙනුවෙන් කළ රැවටීම් මේ වනවිටත් බහුතරයකට අවබෝධ වී ඇත. මේ වනවිට ඔහු හොරකම, වංචාව, බොරුවෙහි ප්‍රතිමූර්තියක් බවට පත්වී තිබීම කණගාටුවකි. බලයට පැමිණ වසර 2ක් තුළ රටට කළ විනාශය සැලකීමේ දී, වසර 30කදී LTTE ය රටට කළ හානියට වැඩි විනාශයක් මොහුගේ වසර 5 තුළ සිදුවනු නියතයි. ශ්‍රී ලාංකිකයන් ලෙස කිසියම් හෝ වාසනාවක් ඇත්නම්, ඉදිරි මාස කීපය ඇතුළතම මෙම වංචනික පාලකයින් විනාශ විය යුතුයි...

:       0       3

Perera Sunday, 19 December 2021 11:40 PM

නටන්න බැරි මිනිහා කියන්නේ පොළව මට්ටම් නැහැ කියලා...

:       0       4

Lalith M Monday, 20 December 2021 01:39 AM

ජනපති තරමක් හරි දන්නේ යුද හමුදාව සම්බන්ධ දේ පමණයි. සිවිල් පරිපාලනය කිසිත් නොදනී. සහයෝගය තිබුනා වුනාට මොකුත් බෑරි එකා පොතෙන් කොපි කරල ලියන්නත් උත්තරේ තිබුන තැන දන්නේ නැති නම් ඌ ෆේල්ම තමා.

:       0       3

Bandara Monday, 20 December 2021 07:26 AM

මාධ්‍ය සන්දර්ශන දාලා බලය ලබාගත්තට වැඩ බැරිකම වැඩ කරනකොට ඉස්මතු වෙනවා. කරන කරන වැඩේ හත් පොලේ ගා ගත්තාම අන්තිමට රටේ ලෝකේ නැති කතා කියකිය ඒක වහගන්න හදනවා. මාධ්‍යයට මිනිස්සු අන්දලා කෙනෙක්ව බලයට ගේන්න පුළුවන්... ඒත් ඒ බලය රැකලා දෙන්න අමාරුයි. මාධ්‍යයට සමහර මිනිස්සු දිගටම ගොනාට අන්දන්න පුළුවන්... මාධ්‍යයට සියලුම මිනිසුන් කීපපාරක් ගොනාට අන්දන්න පුළුවන් ඒත් මාධ්‍යයට සියලුම මිනිසුන් හැමවෙලේම ගොනාට අන්දන්න බෑ.. අන්න ඒක තමයි මාධ්‍යයට කියන්න තියෙන්නේ....

:       0       5

සලීම් Monday, 20 December 2021 09:56 AM

මේ යන විදියට හොඳටම පැහැදිලියි... ලක්ෂ 56ක් පහුගිය ඡන්දෙන් ඡන්ද අරගෙන විපක්ෂ නායක වුණු සජිත්ම තමයි ඊළඟ රජයේ නායකයා වෙන්නේ... එතුමා පාර්ලිමේන්තු ඉතිහාසයේ අවුරුදු 26ක් පළපුරුද්ද ඇති කිසිම මහජන මුදලක් හොරකුම් නොකරපු, ගමේ දුගී දුප්පතාට අනුපමේය සෙයක් කර නිවාස ලක්ෂ ගණනක් සාදා හිසට සෙවනක් ග්‍රාමීය දුප්පතාට ලබාදුන් විපක්ෂ නායකතුමාට අපෙන් ජයෙන් ජය...

:       3       5

Birty Wednesday, 22 December 2021 12:43 AM

නැහැ සරත් ෆොන්සේකා ඔහුට කළ දේ ඔහුට තේරේවි. යුද්ධය දිනුවේ රාජපක්ෂ පවුල පමණක් නොවේ. හැමෝම සහයෝගය දුන්නා. සරත් ෆොන්සේකාට කරපු දේ දිනලා. එය කර්මයයි.. ඔහු වෙත නැවත පැමිණේවි,

:       0       1

Shan Wednesday, 22 December 2021 01:07 PM

ඇනස්ලි, සමුවල්, බර්ටි, අද හිටියනම් රස්සාවත් නැති වෙනවා මෙයා නිසා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3764 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2759 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3544 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3252 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 719 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1407 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36121 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site