IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කපිල් දේව් කනස්සල්ලෙන්

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්, ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර ඇත.

1983 වසරේ ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේය. එදා ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය කරා මෙහෙයවීම කෙළ් කපිල් දේව්ය.

‘මට කිසිම කෙනෙක් ආරාධනා කළේ නැහැ. සංවිධායකයන්ට මාව අමතක වුණා.’ යැයි කපිල් දේව් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.

ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර පසුගිය දා පැවැති අවසන් මහා තරගය නැරැඹීමට ඉන්දීය බොලිවුඞ් තරු රැසක් ඇරැයුම් ලැබ පැමිණ සිටියහ. බොලිවුඞ් නළු රන්වීර් කපූර් ද ඒ අතර සිටියේය.

2021 වසරේ තිරගත වූ ‘83’ නමැති බොලිවුඞ් චිත්‍රපටයේ කපිල් දේව්ගේ රචිතය රඟ දැක්වූයේ රන්වීර් ය. ‘83’ යනු කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලනය ජයග්‍රහණය කිරීම පාදක කර ගත් චිත්‍රපටයයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සංවිධායක මණ්ඩලය, කපිල් දේව්ට ඇරැයුම් නොකර, කපිල් දේව්ගේ චරිතය නිරූපණය කළ රන්වීර් සිංට ඇරැයුම් කිරීම විහිළුවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



අදහස් (5)

කපිල් දේව් කනස්සල්ලෙන්

මැක්ස් Tuesday, 21 November 2023 11:52 AM

බලාගෙන ගියාම කොහෙත් එකයි. සීනි බෝලවලට ඇති තැන සොබාව්ක රසට නෑ. මෙහෙයි අනෙක් රටවලයි වෙනස තියෙන්නෙ මේ වගේ වැඩවලටත් බැනුම් අහන්න මහින්ද මහත්තයා ඉන්න එක.

:       25       31

නිහාල් Tuesday, 21 November 2023 06:30 PM

මේ රටේ හින්දා බැනුම් අහල බේරිල ඉන්නෙ . නීතිය ක්‍රියාත්මක වෙන රටකනම් බේරෙන්න බෑ. මෝඩයින් ව ගොනාට අන්දවගෙන නෙ ඉන්නෙ.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 21 November 2023 12:44 PM

මහින්ද මහත්මයා කලා නම් එයාට බනිනව.පැත්තක තියෙන ඒවට බනින්න රටේ ජනතාවට පිස්සු නැහැ.හැබැයි රටේ ප්‍රශ්න වලට හේතු හොයා බැලුවොත් බාගයකට හේතුව එයා තමයි.

:       13       42

Bamunuarachchi Tuesday, 21 November 2023 07:52 PM

සෙනවිරත්න ඔහේ නියම ජෙප්පෙක්. හලෝ සාධක ඇතුව කථා කොරනවා එතකොට මහින්ද නොවෙයි අපි උත්තර දෙන්නම්. බමුණුආරච්ච් කථා කොරන්නේ සාධක පෙන්නල මිසක් වනලා ගහන්නේ නැත. රටේ ප්‍රශ්න වලට එයා හේතු උනේ කොහොමද? අවුරුදු 30 ප්‍රශ්නය එයා විසඳුවේ නැතිනම් මේ වෙනකොට රට පාලනය කරන්නේ ප්‍රභාකරන්. මොකද ප්‍රභාකරන් කිව්වා පළමුව ඊලම් දෙවනුව එල්ලාම් කියලා.

:       1       0

pakeer Tuesday, 21 November 2023 05:53 PM

වැඩේ කියන්නේ කපිල හිතන්නෙත් ,මහින්දයා හිතන විදිහටම තමයි .හැමදාම එයා තමයි පොර .තමන් රටට වැඩක් කරානම් .ඒක එච්චරයි .ආයේ ඕක පස්සේ ගිහින් ගිහින් ඇඹලයෝ වගේ ලෙවකන්න යන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 0 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 176 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 65 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 162 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 630 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්
2025 අප්‍රේල් මස 24 682 2

පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site