IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කැබිනට් ඇමතිවරයකු ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට සාක්ෂි නෑ

(ඩයනා උදයංගනී)

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු, කටුනායක ගුවන් තොටුපලේ නව පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල යෙදී සිටි ජපාන සමාගමක් වන තායිසේ සංස්ථාවෙන් අල්ලසක් අයැදීමේ කටයුත්තක නිරත වූ බවට නිගමනය කළ නොහැකි යැයි ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාවේ දක්වා ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉදිරිපත් වූ වාචික හා ලිඛිත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී තායිසේ සංස්ථාවෙන් නිමල් හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු අල්ලසක් අයැදීමේ කටයුත්තක නිරත වූ බවට නිගමනය කළ නොහැකි බව එම කමිටුව සිය අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ඇමතිවරයා කීවේය.

ජනාධිපතිවරයා විසින් එම වාර්තාවකැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ජපානයේ තායිසේ සමාගමෙන් ඇමතිවරයෙක් අල්ලස් මුදල් ඉල්ලා ඇති බවට එල්ල වී ඇති චෝදනා ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයාගෙන් කර තිබූ ඉල්ලීම අනුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රේණියේ විශ්‍රාමලත් විශේෂ ශ්‍රේණියේ නිලධාරී එස්.එම්.ජී.කේ පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබිණි.



අදහස් (13)

කැබිනට් ඇමතිවරයකු ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට සාක්ෂි නෑ

විපරමා Tuesday, 02 August 2022 03:51 PM

ලන්කාවේ දේසපාලුවන් කවදාවත් ඔය වගේ නොසන්ඩාල වැඩ කරන්නෙම නැහැ..හරිම පාරිසුද්දයි කියලා රටම දන්නවා .කොමිෂන් පත් කෙරුවා කියලා කවදාවත් වැඩක් වෙලත් නැහැනේ ??

:       2       26

Hafeel Tuesday, 02 August 2022 05:07 PM

ඒක තමයි කියන්නේ කොමිසන් සභා සහ කමිටු පත්කරන කොටත් තේරනවා මේවා යටපත් කරන්න තමයි මේ වැඩේ කරන්නේ කියලා... මෙයාගේ සුදුළූණු වංචාවටත් කමිටුවක් පත්කළා...

:       0       11

Ruwan R Tuesday, 02 August 2022 03:54 PM

නොකියා පිළිඅරන් තියෙනවා වෙනත් කෙනෙකු අල්ලසක් ඉල්ලා ඇති බව. ඉතින් ඒ කවුද? කාගේ කීමටද? කියන ඒකත් හොයලා කියන්න. නිකන් සුදුලූණු පොඩිකරන්නේ නැතිව.

:       0       0

Ruhunu Tuesday, 02 August 2022 04:02 PM

හොරු කවද්ද හොරු පාවලා දුන්නේ..?

:       0       0

කිරි පුතා Tuesday, 02 August 2022 04:10 PM

සාක්ෂි නෑ මහත්තයෝ. ඔයාලා කවුරුත් වැඩේ කරන්නේ සාක්ශි නැතිවෙන්න. ඒකයි දක්ෂභාවය...!

:       0       0

Vira Tuesday, 02 August 2022 04:12 PM

ජපන්නුන්ට පිස්සු. අපේ ඇමැතිලාට පද හදනවා.

:       0       0

Prabha Tuesday, 02 August 2022 05:07 PM

පාරෙ යනකොට කතා කරලා පත්වීමක් දුන්නා කියපු කෙනා නේද කමිටුවේ සභාපති...?

:       0       5

Saman Amarasinghe Tuesday, 02 August 2022 07:03 PM

එහෙනම්, බොරු කිව්වට, ජපන් තානාපති ගෙන්නලා අප්‍රසාදය පළකරන්න කෝ.

:       1       12

Priyantha Tuesday, 02 August 2022 07:15 PM

ජපානයේ එහෙම වුණත් සිරි ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...! 

:       0       5

කෝරළගේ Tuesday, 02 August 2022 08:29 PM

ඔය සිරිපාල දැනට පාර්ලිමේන්තුවේ අවුරුදු 40කට වැඩියි. රටට කරපු කිසිම දෙයක් නැත. මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලන් ඉන්නවාද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑවා. තොලොංචි වෙලා යන එකයි ඇත්තේ...

:       0       15

chandima Tuesday, 02 August 2022 08:48 PM

සාක්ෂි මකලද?

:       0       9

BamunuarachchiWednesday, 03 August 2022 07:07 PM

මකළා හුරලා දාලා වෙන්නැති...

:       0       0

ගමේ එකාලා Tuesday, 02 August 2022 10:04 PM

ඔයිට වැඩිය මහා පරිමාණ, දූෂණ කරපු අයනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ? අල්ලස මොකද්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 264 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 229 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 196 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 221 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 441 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site