IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කැබිනට් යෝජනා කීපයක් ජනපති හරවා යවයි

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මේ අවස්ථාවේ ඉදිරිපත් නොකිරීමට තීරණය වී තිබේ.

ඉකුත් සතියේ ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනා මාලාවක් සංශෝධනය කොට නැවත එවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මගින් කැබිනට් ලේකම්වරයාට උපදෙස් නිකුත් කර තිබිණි.

මීට අමතරව අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදාර්ශ පිලිතුරු පත්‍ර සැකසීම වෙනුවෙන්  ගාස්තුවක් රජයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ගෙවන අතර ඊට බදු අය නොකරන ලෙසට ද ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර වේ.

පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් ආචාර්යවරුන්ට වසර හත බැගින් වූ නිවාඩුවක් අවස්ථා දෙකක දී හිමි වන අතර බහුතරයකට මෙය ශිෂ්‍යත්වයක් ලෙස හිමිවේ. එහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද විදේශගත වන බැවින් එම අවස්ථාවලදී පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබා දෙන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත්ව තිබේ.

එසේම ඔවුන්ට හිමි දීමනා වලින් බදු ඉවත් කරන ලෙසත් විශ්ව විද්‍යාල උපකුලපතිවරු සම්මුඛ පරික්ෂණ පවත්වා පත් නොකරන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත. මෙහිදී ජනපතිවරයා දැනුම් දී ඇත්තේ සනාතන සභාවෙන් නම් තුනක් යොමු කළහොත් ඉන් එක් නමක් තමන්ට පත් කළ හැකි බවයි.

විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ යෝජනා මාලාවක් ලෙස මෙම ලියවිල්ල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය  හරහා කැබිනට් අනුමැතිය වෙනුවෙන් පැමිණ ඇති අතර එය සංශෝධනය කර යොමු කරන ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා  කැබිනට් ලේකම්වරයා වෙත යොමු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.



අදහස් (18)

කැබිනට් යෝජනා කීපයක් ජනපති හරවා යවයි

nimal Friday, 24 February 2023 11:22 PM

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා වෙනුවෙන් විදේශ ගත වෙද්දී සිය පවුලේ සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ගමන් ටිකට් පත් ලබා නොදෙනවා සේම නිදහස් අදයපනයෙන් අදයපනය ලැබීම පිණිස විදෙස් ගතවන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නැවත පැමිණ ලංකාවේ වසර 10ක් හෝ සේවය කිරීමට සහ උපාධි පාඨමාලා අදයපනය අවසානයේ නැවත ඔවුන්ව නැවත ලංකාවට එවීමට එකග තත්වයක් එම රටවල් සමග ඇතිකර ගතයුතුවේ.

:       3       40

Rathna Saturday, 25 February 2023 12:37 PM

ඇත්තටම මෙම කාරණේ මම දන්නවා. වි.වි. ආචාර්යවරුන් ඉල්ලුවේ සාධාරන බදු ක්‍රමයක් දෙන්න කියලා. පවුලේ සාමාජිකයින්ට ගුවන් ටිකට්පත් කිසිදවසක ඉල්ලුවේ නෑ. නමුත් ආණ්ඩුවෙන් යෝජනා කළා. දීමනා බදුවලින් ඉවත් කිරීමට කැබිනට් Paper එකක් දානවා කියලා... නමුත් FUTA එකේ ඉහළ නිලධාරීන් කීපදෙනෙක් ආණ්ඩුව එක්ක පොඩි ඩීල් එකක් තියනවා. ඒ අය මේ බදු වෙනුවෙන් කතා කළේ ඉතා අඩුවෙන්... මේ සියලුදෙනා එකතුවෙලා රටේ ජනතාවගේ අප්‍රසාදය ඇති කරවන්න මෙහෙම දෙයක් ඉදිරිපත් කළා කියලා මම හිතනවා. මම වි. විද්‍යාලයෙන් අස්වෙලා ඉන්නේ ලබන සතියේ රට හැරයනවා. ආවේ එහෙ හිටපු රස්සාවෙන් අස්වෙලා මේ රටේ ජීවත්වෙන්න ඕනෑම කියලා හිතුණු නිසා. නමුත් දැන් ආපහු යනවා. සමෘද්ධි ලාභී ජනතාව හිතන්නේ අපේ රැකියාවෙන් ලැබෙන වැටුපට බදුගසා ඒවා ඔවුන් අතර බෙදා දිය යුතුයි කියලා. අපි වරදක් කළේ නෑ. අපි කළේ රැකියාව... නමුත් හැමෝටම අනාගතේ තේරෙයි මේ රටේ ඉතුරු වෙන්නේ සමෘද්ධි ලාභීන් විතරයි කියලා. එතකොට පාලකයින්ට පාලනය ලේසිවෙයි... ස්තුතියි...!

:       15       17

sumanawardhanaSaturday, 25 February 2023 02:51 PM

මහත්මයා ඔබ ඔය හිටියයි කියන රටේ කොහොමද බදු ක්‍රමේ? ඔයාගේ වැටුපෙන් කොපමණ ප්‍රතිශතයක් බදු හැටියට ගෙව්වාද? ඔයා හිතනවද අපේ රටේ ඉන්න ඔක්කොම උගත්තුයි, වෘත්තිකයින් ටිකයි මෙහෙන් ගියොත් ඒ ඔක්කොම බාරගෙන රැකියා දෙන්න ලෝකේ රටවල් තියේවි කියලා. වි විද්‍යාල ආචාර්යවරයෙක් වුණු පලියටම හෝ දොස්තර කෙනෙක් , ඉංජිනේරුවෙක් වූ පලියටම ලෝකේ රටවල් අපේ මිනිස්සුන්ව රතු පලස් මතින් පිළිගෙන රැකියා දෙන රටවල් නැහැ. ඔය පිරිසෙන් 10% කට අඩු පිරිසකට නම් වෙනත් රටකට ගිහින් සෙට්ල් වෙන්න පුළුවන් වේවි.. නමුත් අනිත් අයට කොහොමත් මෙහෙ තමයි ඉන්න වෙන්නේ. ඔය රත්නපාල මහතා කියලා තියෙන කාරණයත් පොඩ්ඩක් ඇත්තද කියලා බලන්නකෝ...

:       4       16

kapilaSaturday, 25 February 2023 04:22 PM

සමෘද්ධි විතරක් නෙවෙයි. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, මාර්ග නඩත්තුව, අනිකුත් "රජයේ" සේවා ඇතුළු ඔය වි.වි. ආචාර්යවරුන්ගේ ඔය කියන ඉල්ලීම් සියල්ල සඳහා මුදල් සොයා ගන්නේ බදු මුදලින්... ඕනෑම රටක වැඩි ආදායම් ලබන අය වැඩිපුර ආදායම් බදු ගෙවනවා. ලංකාවේ වෘත්තිකයින් යයි කියා ගන්න උදවිය හිතාගෙන ඉන්නේ රටේ ඉන්න මිනිස්සු හැමදාම ඒ අයව නඩත්තු කළයුතුයි කියායි. ඒ වගේම හොයලා බලන්න පිටරට ගියාම ඒ රටවල බදු නොගෙවා වැඩ කරන්න පුළුවන්ද කියලා...!

:       5       17

de silva Saturday, 25 February 2023 12:17 AM

පවුලේ සාමාජිකයො‍ෙත් රට පැටෙව්වහම ඔක්කොම එහේ නතරවේවි. ජනතා මුදලින් ආචාර්ය උපාධි කළොත් අවම වශයෙන් අවුරුදු 7 ක් වත් ජනතාවට සේවය කරන්න අවශ්‍ය විදියට නීති සකසන්න.

:       2       30

අබරන් Saturday, 25 February 2023 12:55 AM

යකෝ...මොන රටේද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රට යන්න මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නොමිලේ ගුවන් ටිකට්පත් ලබා දෙන්නේ. මාත් රජයේ විශ්වවිද්‍යාලයක හිටපු ආචාර්යවරයෙක්. හිටපු හින්දා දන්නවා මුන්ගේ පිනට කන්න තියෙන ජරා ඇබ්බැහිවීම කවදාක්වත්ම යවන්න බැහැ කියලා. පිනට හැමදේම ලබාගෙන තව බදු ගෙවන්නත් බැහැ කියන්නේ මුන් නම් මහා කුනුම කුණු ලොභයෝ ටිකක්.

:       4       46

rathnapala Saturday, 25 February 2023 01:11 AM

විශ්ව විද්‍යාල කියන්නෙත් අපේ රටේ තියෙන හොර ගුහවන්ගෙන් එකක් . ඔය කියන තරම් ශුද්ද වන්ත කමක් බොහොමයක් ආචාර්ය වරුන්ගේ නැහැ . රාජකාරි වෙලාවේදී කීදෙනෙක් ටියුෂන් කරනවද? පොත් ලියනවද? ඒ පොත් ටියුෂන් ගුරුවරුන් එක්ක ඩිල් දාගෙන විකුණනවද? ඇත්තටම සතියකදී පැය කියක් වැඩ කරනවද? අධ්‍යන වැඩ කියල තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නවද? රට හදන්න කතාකරන්න කලින් තමන් ආදර්ශමත් විදියට වැඩ කරන්න ඕනේ. ඔවුන්ටත් ජීවත්වෙන්න ප්‍රමාණවත් වැටුපක් ගෙවන්න ඕන.ඔවුනුත් අනෙකුත් රටවල වි වී ආචාර්යවරුන් වගේ තවත් එක්තරා සේවකයින් පිරිසක් විතරයි කියල තේරුම් අරගෙන ජිවත්වීමට ඔවුන් වගබලාගත යුතුයි . එතකොට ඉබේටම ඔවුන්ට හිමි ඇගයීම සමාජයෙන් ලැබේවි . රජයේ ඒකාබද්ද අරමුදලෙන් වැටුප් ගෙවන සෑම කෙනෙකුම නියමිත අදායම් සිමාවෙන් ඉහල ලබන අදායමට බදු ගෙවිය යුතුයි. එසේ නොවන්නේ නම් රටේ අනෙකුත් පුරවැසියන් පමණක් බදු ගෙවීම අසාධාරණයි . විභාග දෙපාර්තමේන්තුවට පුලුවන්වෙන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධකරගෙන උසස්පෙළ ප්‍රශ්නපත්‍ර සකස්කිරීම වගේ වැඩ කරගන්න . මේවට වී වී අචර්යවරුම අවශ නැහැ . නමුත් මේවා යට තියෙන ආර්ථික වාසි නිසා ඇත්ත වසාගෙන බොරුව ඉස්මතුකරනවා .

:       3       38

thilakSaturday, 25 February 2023 04:28 PM

සමහර ආචාර්යවරු විවරණ පොත් පලකරලා වැටුපට වඩා වැඩියෙන් උපයා ගන්නවා...

:       0       12

swene Saturday, 25 February 2023 04:39 AM

තනි මතයට නොගොස් කැබිනට් එකෙන්ම ඔය සංශෝධන ගත්තනම් තමයි වඩාත් සුදුසු . නොඑසේ නම් මුදල් අමාත්‍යංශයේ සලකා බැලීමේදී කෙරෙන සංශෝධන ලෙසයි ගතයුතු වන්නේ.

:       3       14

චන්දන Saturday, 25 February 2023 07:15 AM

උසස් පෙල පිළිතුරු පත්‍ර ඇගැයීම් විතරක්ම නොවෙයි , ප්‍රශ්න පත්‍ර හැදීමත් නවත්වන්න වගේ හදන්නේ .

:       9       6

kamal Saturday, 25 February 2023 07:22 AM

රටේ මිනිසුන්ට දැන් මේ අයගේ පවුල් නඩත්තු කරන්ටත් වෙලා තියෙන්නේ.

:       2       26

මැක්ස් Saturday, 25 February 2023 08:44 AM

දේශපාලකයන්ට හපන් මේ නිලධාරින්, උගතුන් යැයි කියා ගන්නා අය. ඔක්කොම රජයෙන් නොමිලෙ බලාපොරොත්තු වෙන්නෙ. ඉතිං කොහෙද රටකට සල්ලි ඉතුරැ වෙන්නෙ!

:       1       34

Sadun Saturday, 25 February 2023 09:04 AM

විශ්ව විද්‍යාල ආචාර්යවරු මොනවද මේ යෝජනා කරන්නෙ. රට මේ තරම් වැටී, මිනිසුන් සාගතයෙන් මිය යද්දී ඔවුන්ගේ යහපත පමණද බලන්නෙ.

:       1       30

ලුම්බිණි Saturday, 25 February 2023 09:25 AM

උගත්තු කියන අය මෙහෙම ඉල්ලීම් කරනවා නම අනෙක් අය ගැන කුමන කතාද?

:       3       31

Santhu Saturday, 25 February 2023 01:10 PM

මොවුන් ලිඳම ඉහළයි නතර වෙන්නේ...!

:       0       7

de silva Saturday, 25 February 2023 02:48 PM

කරන උපාධියක් ලංකාවේ කරගන්න කියන්න... මේ ගොල්ලන් කියන විදිහට ලංකාවේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය හොඳයිනේ...?

:       0       10

Sg Saturday, 25 February 2023 03:40 PM

ගවේෂණයශීලි පත්‍ර කලාවක් සහ පුවත්පත් කලාවේදීන් නිර්මාණය කල යුතුව ඇත. නැතිනම් ජනතාව තවදුරටත් දේශපාලන සාක්ෂර භාවය තුළ ගිලීයාම නැවැත්විය නොහැක.

:       0       7

Prase Saturday, 25 February 2023 04:25 PM

ඇත්තටම මේ වගේ අයට බදු ගහන්න ඕනෑ තවත්...

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1480 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 264 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 508 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3570 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 531 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2704 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site