IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කබීර්-හලීම් යළි දිවුරුම් දෙති

 

හිටපු අමාත්‍යවරුන් වන  කබීර් හෂිම්  සහ අබ්දුල් හලීම් යන මහත්වරු අද(19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  සිය පෙර  පැවැති ඇමැතිධුරයන්හිම  යළි දිවුරුම් දී තිබේ.

ඒ අනුව තැපැල් සේවා  මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා යළි එම තනතුරේම දිවුරුම් දී ඇති අතර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතාද යළි එම තනතුරේම දිවුරුම් දී තිබේ.

පාස්කු දා ප්‍රහාරයෙන් පසු ඇති වු සිදුවීම් සමඟ  අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් , නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අසාත් සාලි යන මහත්වරු එම නතතුරුවලින් ඉවත් විය යුතුයැයි  කියමින්   පාර්ලිමේන්තු මන්ත්‍රී    අතුරලියේ රතන හිමි මහනුවර දළදා මාලිගාව අභියස ඇරැඹු උපවාසයෙන්  දින හතරකට පසු ආණ්ඩුකාරවරුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී තිබිණි.

එම සිදු වීමෙන්  අනතුරුව  අරලියගහමන්දිරයට   රැස්වූ   සියලු  මුස්ලිම් අමාත්‍යවරු  ඒකමතික තීරණයකට එළැඹ  සිය තනතුරුවලින් ඉවත් වූහ.



අදහස් (22)

කබීර්-හලීම් යළි දිවුරුම් දෙති

de silva Wednesday, 19 June 2019 06:38 AM

ලබන ඡන්දෙදි සිංහල ඡන්ද දායකයන්ගේ මනාප ඔබතුමාලට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න , එම නිසා ලබන සැරේ එජාපෙන් ඡන්දෙ ඉල්ලන්න්නේ නැතුව රිෂාඩ් පිලෙන්ම ඉල්ලන්න .

:       3534       4356

Nuwan Wednesday, 19 June 2019 06:52 AM

කොහොමද ටිකිරි මොළේ

:       0       21

Thushara Wednesday, 19 June 2019 07:01 AM

ආණ්ඩුවට ලැජ්ජාවක් නැහැ. අස්වෙලා ගිය අය මොකටද නැවත ගන්නේ. අනෙක අස්වෙන්න කියලා කිවේ මේ අයට නොවේනේ.

:       0       32

KANDEPOLA Wednesday, 19 June 2019 07:13 AM

දැන් තනතුරෙන් ඉවත් වුන පරමාර්ථය කුමක්ද ? නැවත භාර ගත්ත එකේ පරමාර්ථය කුමක්ද ? කාට හරි තේරෙනවද ?

:       0       51

Hafeel Wednesday, 19 June 2019 07:20 AM

දැන් ඉල්ලා අස්වීම් හා නැවත දිවුරුම් දීම් සාමාන්‍ය දෙයක් වෙලා. ඇයි ජනතාව මුලා කරන්න ඉල්ලා අස්වුනේ? මහා ලොකුවට පම්බෝරි ගැහුවනේ මාසයක් තුළ චෝදනා එල්ලවූ ඇමති සහ ආණ්ඩුකාරලගේ එම චෝදනාව ඔප්පුවෙනකල්, නැවත ඇමති ධුරය භාර ගන්නේ නැහැ කියලා. මේ ගොල්ලත් දැන් අර රවී කරුණානායක, විජේදාස, විජයකලා, මාරපන වගේ වුණා.

:       0       102

Sunil Wednesday, 19 June 2019 07:25 AM

ඔය හලීම් උන්නැහේට දෙන්න තිබුනේ පල්ලි කඩු සහ තණකොළ ඇමතිකම.. ඒ වගේම කබීර් උන්නැහේට කපටි ආරක්ෂක ඇමතිකම තමයි ගොඩක් සුදුසු...

:       0       212

faizal iqbal Wednesday, 19 June 2019 07:27 AM

ජය වේවා, හලිම් අපේ මැතිඳා...!!!

:       215       1

දිලුම් Wednesday, 19 June 2019 07:37 AM

නාටකයේ කොටසක් අවසානයි. මහනායකලාගේ පිහිටෙන් ගොඩගියා. ඉතිරි කොටස ලබන සතියේ විකාශය වීමට නියමිතයි. දැං ෂූටිං යනවා. අනේ තුහ් විතරක්...

:       17       243

Calico Wednesday, 19 June 2019 07:38 AM

ඇයි දැන් ඉල්ලා අස්වුණු ප‍්‍රශ්න ටික විසඳිලාද? නැත්තං ගෙදරින් කිව්වද තනතුරු නැතිව එන්න එපා කියලා...?

:       0       71

vernon Wednesday, 19 June 2019 07:42 AM

හැලීම් මහතා ඇමති පදවියකට සුදුසු නොමැති කෙනෙකු බව ඔහුගේ කතාවෙන්ම ඔප්පුවුණා. මෙවැනි පුද්ගලයන් ඇමති පදවියකට යෝජනා කල කෙනාද එවැනිම අයෙක් යයි සිතිය හැක. අනේ අපේ රටට වුනු දේ.

:       59       238

kamalWednesday, 19 June 2019 10:16 AM

මීළඟ මැතිවරණයේදීවත් හලීම් හලමු...

:       43       212

Don Simon Wednesday, 19 June 2019 07:56 AM

වෙන කොහේ යන්නද? මේකේ හිටියොත් තමයි තව ටිකක් කන්න පුළුවන් . අපි බලමු අනිත් එවුවො මොකද කරන්නේ කියල ; රටට ගිය කලක් !

:       79       219

chamath Wednesday, 19 June 2019 07:58 AM

මාරු නාටකය ආටක නාටක

:       68       186

ලුම්බිණි Wednesday, 19 June 2019 08:03 AM

අපේ රතන හිමියන් නැවත උපවාස කරනවද?

:       36       82

shan Wednesday, 19 June 2019 08:47 AM

මේ ක්‍රියාව හා ඔවුන්ට නැවත අාරාධනා කිරීම මගින් හොඳින් අවබෝධ කරගන්න මතක තියා ගන්න. එක්සත් ජාතික පක්ෂයට කිසිමදාක ශ්‍රී ලාංකීය සිංහල දෙමළ මුස්ලිම් යන කිසිම ජාතියක කිසිම සේවක කරන්න බැරි හා නොකරන බව කිසිම දාක රටේ අනාගත සුභසිද්ධිය හා සියලු ජනකොටස් වලට සැනසීමෙන් ජීවත් වීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය තුළින් ගොඩනොනගන බව මතක තියාගන්න... 1977 සිට අද දක්වා විජාතිකයන්ට හා සුළු ජාතික අන්තවාදීන්ට, ත්‍රස්තවාදීන්ට සියලු උපකාර හා පහසුකම් සපයාදෙමින් සිංහල ජාතිය විනාශ කරන්න පාර කැපුවේද? එක්සත් ජාතික පක්ෂය බව හොඳින් අවබෝධ කරගෙන ඉදිරි මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරන තැනට බලය ඉඳීමට මිස රටට, ජනතාවට රටේ ආරක්ෂාවට කිසිම තැකීමක් නොකරන බව මතක තබා ගන්න.

:       601       1341

mendis Wednesday, 19 June 2019 08:50 AM

ආ නිවාඩුව ඉවරද?

:       30       173

sumith Wednesday, 19 June 2019 09:07 AM

මට රබන් පදයක් මතක් උන ගහන්න හොද, ගින් ගින් ගින් ගින් ගීන් කඩන් වර , ගින්තොට නැන්දගේ රෙද්ද කඩන් වර

:       48       139

Bamunuarachchi Wednesday, 19 June 2019 10:15 AM

රතන හිමි නැවත උපවාස කරනවාද කියා කව්දෝ අසනවා. නැවත උපවාස කරන්න බැරිකමක් නැහැ.. උන්වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට නොවුණා නම්... එලවන්න ඕනේ වුනේ 3දෙනයි.. නමුත් හැත්ත බුරුත්ත ඔක්කොම දාලා ගියා කැරකීගෙන ආව සිංහල බෞද්ධ ටොනාඩෝව දැක්කාම. තව මොන උපවාසද? මේ ගොල්ලෝ රතන හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ... අර 3දෙනා එලවා ගන්නයි උපවාස කළේ... ඒ අය ගියා. අපි නම් කැලෑ කපන්නත් සූදානමින් හිටියේ...

:       266       457

sharm warn Wednesday, 19 June 2019 11:46 AM

ඔවුන්ට නම් කොහොමත් ලැජ්ජාවකුත් නැහැ. එක වචනෙකුත් නැහැ කියලා අපි කොහොමත් දන්නවනේ... පුහුල් හොරා කරෙන් දැනේ වගේ කාටවත් එල්ල කරපු චෝදනාවට උඩ පැනගෙන ඉල්ලා අස්වුනේ මොකද? දැන් නිකන් අරයා කිව්ව නිසා ආවා. මෙයා කිව්ව නිසා ආවා කියලා එක එක්කෙනාව උගස් තියනවා... මෙහෙමත් අසික්කිත දේශපාලනයක්...

:       33       170

බණ්ඩාර Wednesday, 19 June 2019 02:05 PM

සිංහලුනේ, ජාතියේ නාමයෙන් එකතු වෙයල්ලා... මේ ඔක්කොම එකයි.. මේ අපේ ඡන්දවලින් අපිටම කෙලිනවා... ඡන්දයකදී කිසිම මුස්ලිම් දේශපාලකයෙකුට කෙනෙකුට ඡන්ද දෙන්න එපා..!

:       0       1310

Sugath Thursday, 20 June 2019 03:49 AM

හරි දැන් ප්‍රශ්නේ විසදුනාද ? ආවේ මොකද ? ගියානම් එන්න එපා.

:       0       1

sugath Premalal Thursday, 20 June 2019 04:28 AM

දයාබර ජනතාව වෙත ....මුන් සෙල්ලම් කරන්නේ රටේ අහිංසක ජනතාව එක්ක. ...පාර්ලිමෙන්ට් එක දැන් තුට්ටු දෙකේ රඟ මඬලක් වෙලා.....බුද්දීමත්ව ලග එන ඡන්දය පාවිච්චි කරන්න

:       0       23

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්
2024 නොවැම්බර් මස 26 10 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 358 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 239 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 681 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 719 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site