( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන වෙනම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (23) ගොනු කරන ලදී.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකහි එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු නම් කරනු ලැබ සිටිති..
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවය.
ඒ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපති ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිව්ඩ් කබ්රාල් පත් කිරීම , රටේ ජනතාවගේත් , තමන්ගේ අයිතිවාසිකම් කඩ වීමක් බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එබැවින් එම පත් කිරීම බලශූන්‍ය කරන ලෙසත්, අජිත් නිවාඩ් කබ්රාල් මහ අධිපති ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර යන මහත්වරුන් සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලයි’’
Rohana Thursday, 23 September 2021 06:40 PM
කබ්රාල් හොඳයි සහ හොඳ නැහැ කියන කණ්ඩායම් දෙකක් බිහි වෙලා .මේක පුදුම ලෝකයක්
LionFriday, 24 September 2021 06:19 AM
ලෝකෙ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ වගේ මත ඇතිවනවා පුද්ගලයන් ගැන. කබ්රාල් පත්වන්නෙ මෙරට වැදගත්ම නිලයකට, ඔහුගෙ පෙර කල ක්‍රියාකාරකම් නීරික්ෂනයට නිතැනින් භාජනය වෙනවා. මීට පෙර ඔහු මේ නිලය දරනවිට කල ක්‍රියා කාරකම් මෙරටට විශාල පාඩුවක් හානියක් කල බව විද්වතුන්ගේ මතයයි. අර්ථ සාදක අරමුදලෙ මුදල් ආර්තිකය කඩාවැටුනු ග්‍රිසියෙ බොන්ඩ් වල යෙදවිම, හෙජින් ගිවුසුම නිසා ලෝක වෙලඳ පලේ තෙල් බැරලය ඩොලර් 80 තියෙද්දි ඩොලර් 110 ට මිලදි ගැනීමට සිදුවීම. එවැනි කෙනෙකුට මේ මහා නිලය දීමට විරුද්ධව පෙත්සම් අධිකරනයට ගොනුකිරීම හොඳ ලක්ෂනයක්.
gunarathna Friday, 24 September 2021 06:53 AM
ඔහු ඉවත් කරලා මනුෂලා කෙරුවා වගේ සින්ගප්පුරුවෙන් කෙනෙක් ගෙනෙල්ලා ඔතන්ට දැම්මානම් හරිනේ.