(චාන්දනී දිසානායක)
උපක්‍රමශිලිව කෑම පාර්සල් දෙකක මත් ද්‍රව්‍ය සඟවා වාරියපොළ බන්ධනාගාරයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාරභාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට භාර දී ඇත.
බන්ධනාගාරගතව සිටින ස්වාමි පුරුෂයා බැලිමට වාරියපොළ බන්ධනාගාරයට ප්‍රත්තලම නාගූර් මස්ජිත් ප්‍රදේශයේ සිට පැමිණි කාන්තාවක් සමග ඇගේ නැගණිය ආහාර පාර්සලයේ මත්ද්‍රව්‍ය සඟවා ගෙන ඒම නිසා ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී ඇත.
මෙලෙස පොලිසියට භාර කළ වයස අවුරුදු 39 සහ 31 කාන්තාවන් දෙදෙනා කෑම පාර්සල් දෙකක එක් පාර්සලයක මිලිග්‍රෑම් 1136 ක් සහ මිලිග්‍රෑම් 1001 වශයෙන් බන්ධනාගාරය තුළට ගෙන යාමට උත්සහා දරා ඇත.
බන්ධනාගාර අධිකරි එල්.පි වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාරියපොළ පොලිසියට බාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු