IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කම්කරු වන්දිය ලක්ෂ 25 ක් තෙක් වැඩිවෙයි

(විනීතා එම් ගමගේ)

සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 ක් දක්වා වැඩි කළ බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.

ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත් 19 වැනිදා නිකුත් වූ බවත් නව නීතිය එදින සිට ක්‍රියාත්මක බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  අද (28) පැවසීය.

1971 අංක 25 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතේ 2005 සිට ක්‍රියාත්මක කළ වන්දි සූතය අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 125,000 ක් වන අතර එම මුදල ලක්ෂ 25 ක් දක්වා වැඩිකිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කළ යෝජනාවක් අනුව මෙම වැඩිකිරීම සිදුකර ඇත.

වැඩ කරන ජනතාව අතරින් අයෙක් සේවයේ යෙදී සිටිය දී මිය ගිය අවස්ථාවක ඔහු වෙනුවෙන් ගෙවනු ලබන වන්දිය ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අනාගත අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇති බවත් ඒ අනුව නව වන්දි ක්‍රමය ක්‍රියාත්මක කළ බවත් කී චන්ද්‍රකීර්ති මහතා ඒ අනුව මෙසේ වන්දි මුදල වැඩි කරනුයේ වසර 15 කට පසුව බවත් කියා සිටියේය.



අදහස් (0)

කම්කරු වන්දිය ලක්ෂ 25 ක් තෙක් වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 2 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 98 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 315 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 312 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 309 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site