(රෝෂන් තුෂාර)
මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම් රාන් මොහොමඩ් කාසිම් නොහොත් කම්ජිපාණී ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (28) නියම කළේය.
ඉම්රාන් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම යන කරුණ පදනම් කරගෙන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට මෙම දඩය නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළහොත් ඇප රාජසන්තක කරන බවද දන්වා සිටියේය.
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කිරීමට එරෙහිව පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩය නියම කෙරිණි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇපකරු ලෙස රුපියල් ලක්ෂ හතලිහක ශරීර ඇපයකට අත්සන් කළ මොහොමඩ් නජීම් වන්දනා ගමනක් යෑම සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ අවසරය ලබාදීමට පෙර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්දැයි අධිකරණයෙන් විමසා සිටියේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණය මගහැර පලායෑම ,ඇපකරුට සැකකරු ඉදිරිපත් කිරීමට නොහැකිවීම යන කරුණු මත ඇප රාජසන්තක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
නැතහොත් අදාල ඇපය දඩයක් ලෙස ගෙවන ලෙසට නියම කළේය.
ලක්ෂ 40ක මුදලක් තැන්පත් කිරීමට නොහැකි බව ඇපකරු අධිකරණයට දන්වා සිටියේය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ විස්සක දඩයක් ඇපකරුට නියම කරමින් විදේශගතවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්
රංබොඩ Wednesday, 29 May 2024 09:38 AM
පැනලා යන වග හොඳින්ම දැනගෙන ඇප දීපු අයටත් දඩයක් ගහමුද ? මේ හාදයා නම් කුඩුු සල්ලි වලින් ඒක ගෙවයි