(බී.ජී.චතුරංග )
අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ඉපැයු ගොවි මහතකු පිළිබඳව තිරප්පනය - ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ.
කොමඩු වගාකල මෙම දිරිය ගොවි මහතා ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන නැමති 39 හැවිරිදි දෙදරු පියෙකි.
අක්කරයක සිදු කල කොමඩු වගාවෙන් කිලෝ විසි එක්දහසක පමණ අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බවත් එය කිලෝ එකක් රුපියල් එකසීය අසූවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බවත් එම ගොවි මහතා පැවසීය.
මේ වගාව සම්බන්ධයෙන්බු වැඩිදුර අදහස් දැක්වූ බුද්ධික සුදර්ශන මහතා.
"2023 දෙසැම්බර් මාසයේ තමයි මම මේ කොමඩු වගාව පටන් ගන්නේ, දෙසැම්බර් මාසය කියන්නේ රජරට පොළොවේ කොමඩු වගා කරන කාලයක් නෙමෙයි. ඒ කාලයේදී සම්පූර්ණයෙන්ම පොළොවේ සීතල නිසා කොමඩු පැල විනාශ වෙනවා. හැබැයි මට පුළුවන්කම ලැබුණා නවීන තාක්ෂණයත් එක්ක අලුත් ක්‍රමයකට කොමඩු වගා කරන්න.
මේ නවීන තාක්ෂණයේ මුලින්ම ජල නළ පද්ධතියක් සවිකර තිබෙනවා ඒ නල පද්දතිය මැදින්, ටේප් එක ගිහින් තියෙනවා, ඊට උඩින් මාච් එක දාලා තියෙනවා. එයට කියන්නේ බිංදු ජල වගා ක්‍රමය කියලා.
හොඳ අස්වැන්නක් ලැබුණා, ඒ අස්වැන්න හොඳ මිලකට මට දෙන්න හැකියාව ලැබුණා. ඒකට හේතුව කොමඩු හිඟ වැස්ස අධික කාලයේ වගා කරපු නිසා මට හොඳ මිලක් ලැබුණා.
අධික වර්ෂාව තියෙන කොට මේ ප්‍රදේශයේ ගොඩක් ගොවීන්ගේ වගාවන් විනාශ වෙලා ගියා. හැබැයි මේ නව තාක්ෂණික ක්‍රමයට මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ හම්බ වෙච්ච ව්‍යාපෘති කට්ටලයෙන් මිරිස් වගාව අවසන් කරලා තමයි මම එය කොමඩු වගාවේ භාවිතයට යොදා ගත්තේ, හැබැයි මට ඒ වෙලාවේ මුදල් තිබ්බේ නෑ. කොමඩු ඇට ටින් 6ක ප්‍රමාණයක් වත් මිලදී ගන්න. මම මගේ බයිසිකලේ උකස් තියලා තමයි පලවෙනි කොමඩු ඇට ටින් ගත්තේ මේ වගාව ආරම්භ කරන්න.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොමඩු වගාවෙන් දින 60කදී ලක්ෂ 40ක් ඉපැයු ගොවි මහතා
chandima Wednesday, 06 March 2024 05:34 AM
ගණන් කියන්න එපා වැට් එකතු කරන්න එයි
ටිකිරිබණ්ඩා Wednesday, 06 March 2024 08:07 AM
දැන් ඕකට බදු ගෙවන්න වෙයි බලාපොරොත්තුවෙන් ඉන්න.
E.S.Santha Thursday, 07 March 2024 09:13 AM
සුබපැතුම්... ප්‍රශ්නයක් නැතිනම් ඔබේ දුරකථන අංකයක් එවන්න.