IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කමාන්ඩෝ භටයෝ 157 ක් විසිර යති

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකු කමාන්ඩෝ නිල ලාංඡන සහ ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ විසිරයාමේ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද  හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.    

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 48-ඩි සහ 48-ඊ යටතේ පුරා මාස 18 කට අධික කාලයක් උපදේශකයින් රැසකගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ට වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් අසමසම හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසුනිලයින් 144 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය දැකබලා ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විසිරයන කමාන්ඩෝ භටයින්ගේ දෙමාපියන් සහ ඥාතී හිතමිත්‍රාදීන් පිරිසක් සහභාගි වූහ.   

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කමල් ධර්මවර්ධන සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජනක සමරසේකර විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය. 

ඉන් අනතුරුව සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයෙන් යුද හමුදාධිපතිතුමන් විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැඳුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කළේය. ඉන් පසුව විසිරයන කමාන්ඩෝ භටයින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය යුද හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය. 

දුෂ්කරවුත්, කටුකවුත්, විශේෂිත වු පුහුණුවක් හදාරා විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකු වෙමින් දේශයේත්, ජාතියේත් වගකීම් ඉටුකිරීමට ‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු අභීත පුතණුවන්ට කමාන්ඩෝ ලාංඡනය ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ළඟම ඥාතීන්ගේ සුරතින් පැළඳ වූහ. 

සුවිශේෂි පුහුණුවක් හැදෑරීමෙන් අනතුරුව විශිෂ්ටයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සංකේතවත් කරමින් ලෝකයේ විශේෂිත හමුදා සෙබලුන් පමණක් පළදින ‘මෙරූන් හිස්වැසුම’ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසිරයන කමාන්ඩෝ භටයින්ට ප්‍රදානය කළහ.

ඉන් අනතුරුව, පුරා මාස 18 කට අධික කාලයක් පැවති කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේ විශිෂ්ටයන් අතරින් විශිෂ්ටයින්ට කුසලාන සහ සහතික පත් පිරිනැමීම යුද හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය. 

පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට සහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මාන ලුතිනන් ටි.එම්.සී.එම්.බී. තෙන්නකෝන් හිමිකරගත් අතර දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවා ලෙස ලුතිනන් සී.එල්. ජයතුංග සම්මාන හිමිකරගත්තේය.

 



අදහස් (5)

කමාන්ඩෝ භටයෝ 157 ක් විසිර යති

Nitro Monday, 21 February 2022 02:49 PM

අංක එක හමුදාව ශ්‍රී ලංකා හමුදාවයි.

:       14       18

Don perea Monday, 21 February 2022 03:33 PM

මෙච්චර හමුදාවක් මොකටද?

:       26       16

kumaraTuesday, 22 February 2022 11:12 AM

ඔයා ජවිපයද?

:       0       0

kamalTuesday, 22 February 2022 11:14 AM

නිදහස් දාට සැලියුට් ගස්සවාගන්න කට්ටිය ඕනෑනේ.. ඒකයි...

:       1       0

ලුම්බිණි Tuesday, 22 February 2022 05:02 AM

දැන්වත් හමුදාවට බඳවා ගන්න එක අඩු කලොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 64 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 249 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 296 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 353 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


අනියම්‌ පෙමට ගිනි තබා ගත් සැරයන් මරුට
2025 අප්‍රේල් මස 21 695 0

අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස


’’මගේ ලෝයර් තාම පිටරට’’
2025 අප්‍රේල් මස 21 1070 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site