(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් හමුවී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මේ ආසාදිතයන් දෙදෙනා හමුවීමෙන් පසුව එම ඉදිකිරීම් වැඩබිම තාවකාලිකව වසා දමා ඔවුන්ට ආශ්‍රිතවූ සේවකයන් 46 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව එම කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙක් කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් පෙරේදා(28)සොයා ගනු ලැබීය. එම ආසාදිතයාද මෙම ඉදිකිරීම් වැඩබිමේ පෙදරේරුවකු බවට තොරතුරු හෙළිවී ඇත.
ඩෙල්ටා ආසාදිතයෝ තිදෙනාම පූනානි ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටිති .
මෙම ඉදිකිරීම් වැඩ බිමේ සේවකයෝ 46 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර් පරීක්ෂණවලට පසුගිය දිනවල යොමු කරනු ලැබූහ.එම පිරිසෙන් හය දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි ඒ පරීක්ෂණ මගින් හඳුනා ගැනිණ.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූ තිදෙනා සිටින්නේද එම හය දෙනා අතරේ යැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඩෙල්ටා කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ කොළොන්නාව, වෑකන්ද සහ පොලිස් මාවත යන ප්‍රදේශවල නවාතැන් මධ්‍යස්ථාන තුනක නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
මේ අතර ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෝ හත් දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.ඉන් පස්දෙනකු දෙමටගොඩ ප්‍රදේශයෙන්ද අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින්ද මෙසේ සොයාගෙන තිබිණ.
මේ සම්බන්ධයෙන් මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරිවත්ත මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොම්පඤ්ඤවීදිය වැඩ බිමකින් ‘‘ඩෙල්ටා‘‘ ආසාදිතයෝ දෙකක්
kapila Tuesday, 29 June 2021 11:02 PM
රජයේ නොසැලකිල්ල නිසා අවුරුදු පොකුර හැදුණා වගේ දැන් ඩෙල්ටා පොකුරක් හැදෙන්නයි යන්නේ. වැඩබිම වැහුවාට ඒ අවට මොකද වෙන්නේ...? මෙතැනින් කහතුඩුවට ගියානම් තව කොහේ ගිහින් ඇත්ද?. ඩෙල්ටා අති භායනක නම් මීට වඩා ඉක්මන් තීරණ ගන්න වෙනවා.
Demuni Uduwara Wednesday, 30 June 2021 01:52 AM
ඩෙල්ටා ප්‍රභේදය වඩාත් අනතුරුදායකයි. සෞඛ්‍ය නීතිරීති දැඩිව පිළිපදින්න...!
Sri Lanka Wednesday, 30 June 2021 12:55 PM
ලංකාවේ දැන් කරන්නේ කොහේහරි වැඩ කරන තැනක් හොයන් ගිහිල්ලා පීසීආර්. කරලා සෙම කාරයෝ කීපදෙනෙක් හොයන් එම වැඩපළ වහනවා. මේ ඔක්කොම කරන්නේ පිටරටවල් ගොඩදාන්න. අන්තිමට පිටරටින් කන්න අඳින්න ගේනවා. අනිත් රටවල් හොඳට වැඩ... අපි ඔක්කොම වහලා කොරෝනා විකුණනවා.