IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කියුබානු තානාපතිත් අනුර කුමාර හමුවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැත්විණි.  

මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එම පක්‍ෂය පවසයි.  

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කියුබානු රජයේ සහයෝගීත්වයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් ගිවිසුම්ගතවීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවත්  එවැනි ව්‍යාපෘති තවත් මහද්වීප තුනක රටවල් සමඟ මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් ඇති බවත් තානාපතිවරයා සඳහන් කළ බවත් එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කළේය.

කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික බිමල් රත්නායක  මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (11)

කියුබානු තානාපතිත් අනුර කුමාර හමුවෙයි

අරවින්ද මොනරවිල Friday, 08 March 2024 07:59 PM

ජාතික ජනබල වේගයේ රජයක් යටත් අනිවාර්යයෙන්ම කියුබාව හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගෙනු ඇත. එමගින් දෙරටම සාධාරණයක් වන පරිදි ද්විපාර්ශ්වික ගිවිසුම වලට එළැඹෙන්නට හැකිවනු ඇත.

:       6       5

abeygunasekarasampath95 Friday, 08 March 2024 09:01 PM

ශුවර් එකටම පෝලිම් යුගයක් මෙයාලාගෙන් උපදෙස් ගත්තා නම්...

:       8       6

Bamunuarachchi Friday, 08 March 2024 09:40 PM

මේ ගොල්ලෝ එකතුවෙලා ලංකාව තවත් කියුබාවක් කරනවාලු.

:       3       9

Prabha Friday, 08 March 2024 09:48 PM

ඔන්න පක්ෂ විපක්ෂ අයට හොඳ මාතෘකාවක්...!

:       1       3

හරින Friday, 08 March 2024 11:17 PM

කෝ කෝට් බෑය...?

:       4       3

විජිත් Saturday, 09 March 2024 12:03 AM

ජාතික ජනබලවේගය, අති බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාවගේ එකම ප්‍රාර්ථනාව !!!

:       8       7

Don Saturday, 09 March 2024 01:29 AM

කියුබාව දෙස බලන්න! කියුබාව දෙස බලන්න!! කියුබාව දෙස බලන්න !!! කියුබානු ජනතාව දුප්පත් වන අතර ජීවිතය පහත වැටී ඇත. බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ රටින් පැන යාමටයි. නමුත් කියුබාව දෙස බලන්න... JVP අපි

:       4       6

තොත්ත බබා Saturday, 09 March 2024 08:27 AM

ඒක නම් ඉතින් ජාඩියට මූඩිය වගේනේ...

:       3       5

Lalla Saturday, 09 March 2024 08:54 AM

අන්රයියා කියුබාව අනුගමනය කරන්නද? කොමියුනිස්ට්වාදය යන එන මඟක් නැති තත්ත්වයට පත්ව තිබෙන්නේ... දැන් කොමියුනිස්ට් වී තිබූ රටවල තියෙන්නේ ඒක පාක්ෂික උග්‍ර ධනවාදය. උදාහරණ ලෙස චීනය සහ රුසියාව. දැවැන්ත සමාගම් පටන්ගෙන තියෙන්නේ කොමියුනිස්ට් පක්ෂ නායකයන් සහ හිතවතුන්... මාලිමාව ඒ ක්‍රමයද පාවිච්චිය ගන්න ඉන්නේ.. එතකොට සල්ලි.. බැංකුවලින් සූරාකාගෙනද?

:       4       6

anura Saturday, 09 March 2024 03:32 PM

හොඳ පෙරනිමිති රැසක් දැන් පහළ වේගෙන යනවා. තව ටිකදිනකින් උතුරු කොරියාවෙන් නියෝජිත පිරිසකුත් ඇවිත් මෙයාව මුණ ගැසීමට නියමිතයිලු...

:       3       6

ෂෙල්ටන් Sunday, 10 March 2024 08:37 AM

සත පහකටවත් වැඩක් නැති තුන්වෙනි ලෝකයේ රටවල ත්‍රස්තවාදීන් බිහිකිරීමට රුසියාව හා චීනය වෙනුවෙන් දරදිය අදින තානාපති කාර්යාලයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 559 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 220 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1282 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2517 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1478 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25403 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site