IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කීරි සම්බා ලොරිය උස්සලා

(නිමල් ජයරත්න)

වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට  විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා ලොරිය කීපදෙනෙකු සොරාගෙන ගොස් එම ලොරියේ කීරි සම්බා වී උර කිසියම් ස්ථානයකට නිදහස් කරගෙන ඉන් පසුව ලොරිරථය පමණක්  අරලගංවිල පොලිස් වසමට අයත් හතර කණුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ (20) වෙනිදා සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි.

මේ සම්බන්ධ අරලගංවිල රුහුණගම ප්‍රදේශයේ ලොරි රථයේ හිමිකාර ව්‍යාපාරිකයා විසින් පෙරේදා (19) පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව එම ලොරියේ තිබූ කීරි සම්බා වී කිලෝ 9100 ක ප්‍රමාණයක් සොරුන් විසින් පැහැරගෙන ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

සිංහපුර ප්‍රදේශයේ සහල් මෝලකට එම කීරි සම්බා අලෙවි කිරීමට රියැදුරු විසින් රැගෙන ගොස් සිටියදී පවතින තදබදය නිසා එදින මෝලට වී ලබාගැනීමට නොහැකි බවට දැනුම් දීමෙන් අනතුරුව රියැදුරු තමාට ඒ බව දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව තමා රියදුරුට ලොරිය සහ යතුර තබා නිවසට යන ලෙසට දැනුම් දුන් බවත්, පසුවදා එම ස්ථානයට යන විට ලොරිය නොතිබූ බවද පැමිණිලිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබෙන බවද වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි



අදහස් (1)

කීරි සම්බා ලොරිය උස්සලා

කොණ්ඩය බැදපු චීනා Saturday, 23 March 2024 06:19 AM

මෝඩකමට බෙහෙත් නැහැ ලොරිහිමියා මෝඩයෙක් නොවෙයි නම් යතුරු සමග ලොරිය තියා රියදුරුට යන්න කියන්නේ නැහැ... සමහරවිට ලොරි හිමියන්ගේම වැඩක් වෙන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 803 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 283 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1508 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2710 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 220 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1547 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site