IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කාරක සභාව මුදල් ලොක්කන්ට දෙහි කපයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  පසුගිය  25 වැනිදා පැවැති  රැස්වීමට  මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්  පිරිසක්  කැඳවා  තිබුණත් ඔවුන්ගේ නොපැමිණීම  සම්බන්ධයෙන් එම  කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කෙරිණ.

මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡා  කිරීම සඳහා   කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී දැනුම් දුන්නේය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එදින මෙසේ රැස්විය.

මුදල් අමාත්‍යාංශය  2023 ජූනි මස මූල්‍ය තත්ත්වය  වාර්තාව   ඉදිරිපත් කළේය. මෙම වාර්තාවට අනුව, අයවැයේ ප්‍රාථමික ශේෂය සියයට  0.1 ක අතිරික්තයක්වූ බව  මුදල් කාරක සභාව පවසයි.

ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ද සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව සියයට  41.9 කින් කෝටි  1,31700 දක්වා ඉහළ ගොස් ඇත. පළමු අර්ධය සඳහා වියදම බිලියන 2,560 ක් වූ අතර එය සියයට  40.5  ක වර්ධනයක් පෙන්නුම් කර  ඇත. විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොළී  වියදම වන අතර එය මේ වසරේ පළමු භාගයේ දී  කෝටි   1,27300 දක්වා සියයට  51.6 කින් ඉහළ ගොස් ඇතැයි  එහි දැක්වෙන බව කාරක සභාව සඳහන් කරයි

ව්ශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. එවැනි තත්වයන් සදහා බලපෑ හේතු සහ තවදුරටත් ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කමිටුව ප්‍රශ්න කළේය.

ප්‍රමාණවත් දත්ත සහ සංඛ්‍යාලේඛන සමග   සූදානමකින් යුතුව කාරක සභාව හමුවේ පෙනි සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ කමිටුව, තිරසාර ආර්ථික  ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන් වඩාත් වගකීමෙන් සහ නිසි දැක්මක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  පාඨලී චම්පික රණවක,  මධුර විතානගේ, හර්ෂණ රාජකරුණා, . ආචාර්ය නාලක ගොඩහේවා සහ  මයන්ත දිසානායක යන මහත්වරුද  සහභාගි වූහ.



 

 



අදහස් (1)

කාරක සභාව මුදල් ලොක්කන්ට දෙහි කපයි

පැරකුම් Wednesday, 26 July 2023 04:48 PM

අනේ ඕවට නොයන එකමයි හොඳ. මෙච්චර කාලෙකට ගියයි කියලා මොනවද වෙලා තියෙන්නේ…?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 22 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 0 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 228 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 874 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 124 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 66 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site