IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


’’ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ මටත් හොරෙන් ’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය වල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන්  මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා අනුමැතියක් ගෙන නැතැයි ද මෙහිදී අනාවරණය වී තිබේ.

අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්  අද (06) සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුවේ දී ක්‍රීඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරුන් කිහිප දෙනකු සුදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කිමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරන මුත් ක්‍රීඩා ඇමතිවරයා ඒ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නැතැයි ද වාර්තාවේ.



අදහස් (28)

’’ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ මටත් හොරෙන් ’’

Rasi Monday, 06 November 2023 11:22 AM

හරි දැන් කිව්වම, ජනාධිපතිට ඕන ශම්මිව තියාගන්නද? පොලිස්පති පත්කර ගන්න බැරි මිනිහාගෙන් මොනවා කියලා කර ගන්නද?...

:       17       125

sena Monday, 06 November 2023 11:23 AM

ඒ සැරේ මේ මනුස්සයා බාල්දියක් දාන්න වගේ හදන්නේ ඔයාලගේ විකාර අපිට වැඩක් නැහැ. අපිට ඕනේ රටේ ක්‍රිකට් ගොඩගන්න...

:       6       97

Aravinda Monarawila Monday, 06 November 2023 11:44 AM

ක්‍රීඩා පනත අනුව අතුරු කමිටුවක් පත්කරන්න ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව හෝ ඔහුගෙන් අවසර ලබාගත යුතු බව සඳහන් වෙලා තියෙනවද? එහෙම නැතිනම් ඇමැතිවරයාට සෑහීමකට පත්වෙන්න පුළුවන් කරුණු තියෙනවා නම් ඔහුගේ කැමැත්තට කරන්න පුළුවන්ද කියලා දන්න කෙනෙක් පැහැදිලා කරන්න.

:       2       49

වීර Monday, 06 November 2023 11:45 AM

හොරකමේ ගියපු මිනිහා කියනවා එයාගෙන් හොරකම් කරලාලු.. ඉතිං අපිට නම් සතුටුයි..

:       3       45

wedage Monday, 06 November 2023 11:48 AM

ඉතින් ඔයා මොකද කළේ ... මෙච්චරකල් ක්‍රිකට් අන්තයටම යනකම්...!

:       3       48

SachithMonday, 06 November 2023 01:14 PM

අපේ කණ්ඩායමේ සාගල වගේ එක්කෙනෙක් හිටියානම් මෙයා පැය 24 ම ක්‍රිකට් ගොඩ නංවන්න වැඩ කරයි

:       4       34

මහසෙන් Monday, 06 November 2023 11:50 AM

අපොයි.. පොතේ හැටියට නීතියට අනුව හැමෝම දැනුවත් කරලා තීන්දු තීරණ ගන්න කෙනා. ඔයාට ඕනෑ ශම්මි නේද?

:       6       58

Dharmatileke Monday, 06 November 2023 12:07 PM

බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් මේකද වුණේ? ක්‍රීඩා ඇමැති ඉන්නේ මොකටද?

:       5       54

Amal Monday, 06 November 2023 12:08 PM

මෙයා දැන් කියයිද "ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා|" පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව? ශම්මිටත් රීලෝඩ් එකක් දාලා දෙන්න වගේ !!! ජනවරමක් නැති පිං ජනාධිපති මෙහෙමද රටේ යහපත් පාලනයක් ඇති කරන්නේ..?

:       5       59

Shantha - Qatar Monday, 06 November 2023 12:16 PM

මෙයත් ඒ පාර අර සිරා වගේ වෙලාද? පත්තරෙන්ද දැනගත්තේ...? ඒ අයට කරගන්න දෙයක් කරගන්න දීලා ඔබතුමා රටේ ප්‍රශ්න විසඳන්න බලන්න...!

:       2       49

Pankumburage Monday, 06 November 2023 12:47 PM

අන්තිමට බැංකු හොරු, ක්‍රිකට් හොරු ඔක්කොම එක ගොඩට එයි. හොරු ඔක්කොම යාළුවො නෙ.

:       3       34

නිශාන්ත Monday, 06 November 2023 12:56 PM

රටම උලා කාපු මැදමුලනේ හොරු මහ බැංකු හොරාව පත් කලේ අනෙක් හොරුන්ව රකින්න කියලා දැන් රටේම ජනතාව දන්නවා

:       5       30

Rata Perata Monday, 06 November 2023 12:57 PM

කිසිම දෙයක් හරියට වෙන්නේ නැති එකෙන් තේරෙනවා මෙයා කොච්චර දුර්වල මිනිහෙක් ද කියලා

:       5       29

නිමල් Monday, 06 November 2023 01:08 PM

මෙයාට චන්ද්‍රිකා ජනාධිපතිනියට හොරෙන් කොටි / නෝර්වේ එක්ක රටටම බලපාපු ගිවිසුම් ගහන්න හොඳයි.

:       4       33

සෑම් Monday, 06 November 2023 01:14 PM

සොම්බි රනිලා අයවැය චන්දෙ දිනාගෙන ඕක විසුරුවනවා. ඕකා දැන් ඕකට බාල්දි දාන එකක් නැහැ සමහරවිට . හැබැයි ඉතින් බාල්දියක් .දැම්මත් ප්‍රශ්නෙකුත් නැහැ සොම්බියා දන්නවා පාදඩ රාජපක්ෂලට මහා චන්දෙකට යන්න තව හුස්ම ටිකක් ඕනා කියලා'.

:       9       23

ranilaa Monday, 06 November 2023 01:24 PM

අපේ රටට යහපතක් කරන්න අපි ක්‍රිකට් අවසන් කර එල්ලේ ක්‍රීඩාවට අවධානය යොමු කරමු.

:       0       18

fairoos Monday, 06 November 2023 01:39 PM

ගෝඨාභය එළෙව්වා වගේ slc එකේ ඉන්න සෙට් එකම ගහලා යවන්නයි වෙන්නේ.. ක්‍රිකට් නැත්තටම නැති කළා....

:       3       16

Kumara Monday, 06 November 2023 01:45 PM

මෙයා අපෙන් ඡන්දෙ අරගෙනද ජනාධිපති වුණා කියන්නේ... යන්න... යන්න...

:       4       17

Nimal Monday, 06 November 2023 01:48 PM

දේශපාලකයෝ කියන්නේ තමන්ට වාසිවෙන විදිහට කතාකරන, වැඩකරන කට්ටියක්... මේ කතාවෙන් ඒක හොඳාකාරවම පැහැදිලි වෙනවා..

:       2       13

Hafeel Monday, 06 November 2023 01:56 PM

පාස්කු ප්‍රහාරය වෙලාවෙත් මෙයා මෙහම තමයි කිව්වේ. එයාව ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි කරගත්තේ නැහැ කියලත්, එයාව කව්රුත් දැනුවත් කළේ නැහැ කියලත්. මෙතැන මේ ආණ්ඩුවේ ඉලක්කය ඊළඟ ඡන්දය කොහොම හරි දිනලා, හිරේ යන එක වළක්වන්න කපටි උත්සාහයක් කරන මිස, රට ගොඩ දාන්න කිසිම ප්‍රායෝගික වැඩ පිළිවලක් නැහැ.

:       4       16

Ariyathilaka Monday, 06 November 2023 01:58 PM

මහණෙනි, මහසොර කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජකු හෝ රජමහඇමතියන් හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් කිසිවෙක් මට කිසිවක් කියන්නේ නම්, මේ රජවරු ද රජමහ ඇමැතියෝ ද මාගේ දොස් සඟවා කරුණු කියන්නාහ’ යි. ඉදින් කිසිවෙක් ඕහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමතියෝ හෝ දොස් සඟවා (ඔහුගේ නිදොස්බවට) යුක්ති බෙණෙත්. මහණෙනි, මෙසේ මහසොර බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ අංග තුණෙන් යුත් මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි, වොලොගැන්ම ද කරණේයි, එක්ගෙයක් පැහැරගැණුම ද කරණේයි. කඩපලා සොරකම්හි ද යෙදෙන්නේයි. මහණෙනි, එපරිද්දෙන් ම දහම් තුණෙකින් යුත් ලාමක භික්‍ෂු ගුණවිසින් සාළ ගුණවිසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තන් විසින් දොස් කියයුත්තෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙහි පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේත් ගහනස්ථාන ඇසුරු කෙළේත් බලවතුන් ඇසුරු කෙළේත් වෙයි. මහණෙනි, පවිටු මහණ කෙසේ විෂමස්ථාන ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂම වූ කායකර්මයෙන් යුක්ත වෙයි, විෂම වූ වාක්කර්මයෙන් යුක්ත වෙයි, විෂම වූ මනඃකර්මයෙන් යුක්ත වෙයි...

:       6       4

Ariyathilaka Monday, 06 November 2023 02:08 PM

මාධ්‍ය ආයතනවල සහ මාධ්‍ය කරුවන්ගේ අයුතු මාධ්‍ය රැකවරණය සැලසීමෙන් සැබෑ තත්වය ජනගත නොවීමෙන් දේශපාලන හොරු සහ ව්‍යාපාරික හොරු, සුදු කරපටි හොරු මෙන්ම පැවිදි ශ්‍රමණ දුශ්ප්‍රතිපත්තියෙහි බැස ගත් පිරිස ඔවුන්ගේ සුපුරුදු අසීලාචාර දිවි පෙවෙත ජයටම කරගෙන යත්... ජනමාධ්‍ය භාවිතා කොට සුළුතරයකගේ සුඛ විහරණය පිණිස හොරුන් ආරක්ෂා කිරීම, බලයට පත් කිරීම, රටකට සමාජයට මානව වර්ගයාට කරන බලවත් අපරාධක් බව කිව යුතුයි. ජනමාධ්‍ය රැකවරණය හා උපකාර, හොරුන්ට සහ දුශ්ප්‍රතිපත්තියෙහි වූ පැවිදි පිරිසට ලබා දීම, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය කරුවන් ඒ ඒ රාජ්‍යයේ නීතියේ රැකවරණය ලබමින් අන්තර් ජාතික සම්මුතීන්ගෙන් ආවරණය සලසා ගැනීම කණගාටුදායන ව්‍යසනයක් බව ද කිව යුතුයි.

:       2       3

හේරත් බණ්ඩා Monday, 06 November 2023 02:26 PM

අවංකව වැඩක් කරන්න හදන මිනිහෙකුට වැඩක් කරන්න දෙන්නෙත් නෑ. ඔබතුමා කරපු හරි එක වැඩක් කියන්න. " බල්ලා පිදුරු කන්නෙත් නෑ...

:       3       23

රනිල් වික්‍රමසිංහ Monday, 06 November 2023 03:53 PM

"ෂටප් ඇන්ඩ් සිට්ඩවුන් " මගෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා.

:       1       8

ගමේ එකාලා Monday, 06 November 2023 05:26 PM

පින් ජනපතියා පවුල් පාලනේ අයත් එක්ක හොරෙන් හොරෙන් ඩීල් දාන එක අපිවත් දැනගෙන හිටියේ නැහැනේ?

:       2       7

Ram Monday, 06 November 2023 09:43 PM

එහෙනම් ඇමති කෙනෙක් අවශ්‍ය නැද්ද. දැන් මෙතනදි හැම දෙයටම ඇමතිට බනින අය හොඳට බලන්න, ඇමැති වැඩ කරන්නේ නෑ කියලා අපි බැන්නට වැඩ නොකරන්නේ ඇයි. වැඩ කරන්න ගියාම උඩින්ම ඇවිත් කකුලෙන් අදිනවා.

:       0       0

බී අමරසිංහ Tuesday, 07 November 2023 01:05 AM

මෙයාට ඇමතිගෙන් වැඩක් නෑ.. නැත්නම් ඇමතිට ආරාධ්නා නැතිLPL final එක බලන්න තෛයම යෛද?

:       0       0

de silva Tuesday, 07 November 2023 04:50 AM

කොහොමත් රනිල් කැමති ඉංග්‍රීසි කතාකරන කෝට් අදින , මහා පරිමාණයෙන් වංචා දුෂණ කරන , අර්ජුන මහේන්ද්‍රන් , රවී කරුණානායක , ශම්මි සිල්වා වගේ කට්ටියටනේ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 846 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1496 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 324 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1359 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 464 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1181 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39635 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site