IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අනුමත නොකරන බව නවීන් කියයි

(රංජිත් රාජපක්ෂ)                       
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රීඩකයන්ගෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා අද(02) පැවසීය.
 
නුවරඑළිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා මේ බව පැවසීය.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා මෙසේ කියා සිටියේය.
 
“කුමාර සංගක්කාර මහතාව ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් මගේ විරෝධය ප්‍රකාශ කරනවා. රටට කිර්තියක් ගෙනාපු ක්‍රීඩකයන් සියල්ල ගෙනල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි චෝදනාව කරපු කෙනාව ගෙන්නේ නැහැ. එයාගේ ගෙදරට යනවා ප්‍රකාශයක් ලබා ගන්න.
 
මේක පරස්පර විරෝධී ක්‍රියාමාර්ගයක් හැටියට මම දකිනවා. ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන විශාල ප්‍රහාරයක් මේක. ආණ්ඩුවේ කට්ටි දෙකක් ඉන්නවා, එක කට්ටියක් වැඩ කරන අය, නාමල් රාජපක්ෂ මහතාත් කියනවා මේක හොඳ නැහැ කියලා, එහෙනම් අගමැතිතුමාට කතා කරලා මෙවැනි දේවල් නතර කරන්න ඕනි.
 
ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න සෘජු තීරණ ගන්න ඕනි. ක්‍රිකට් ක්‍රීඩයන්ට මේ අයුරින් හිරිහැර කරනවා නම් ඔවුන් තවත් පහතට වැටෙනවා. අවුරුදු නවයකට පස්සේ මේ චෝදනාව කරනවා, ඇයි මැතිවරණ සමයේ මේක ඉදිරිපත් කරන්නේ? මේවට නිසියාකාරව පරික්ෂණ කරලා නීතිමය පියවර ගන්න ඕනි.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක ලෙස කරගෙන යනවා. අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි කවදාවත් රාජපක්ෂ කඳවුරට එක්වෙන්නේ නැහැ.ශක්තිමත් විපක්ෂයක් හදලා ඉදිරියේදි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා. ආණ්ඩුව බහුතරයක් ගන්න උත්සහ කරනවා, අපි ආණ්ඩුවේ ක්‍රියාදාමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජනතාව අතර විවිධ මත යවන්න උත්සහ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරලා තිබ්බා ආණ්ඩුවක් හදන්න එයාලා කැමති කියලා. ආණ්ඩු හදන්න කවුද අකමැති? හැමෝම කැමතියි. එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂයට ඡන්දය දීලා පක්ෂය ආරක්ෂා කර ගන්නවා. අපි කිසිවිටකත් රාජපක්ෂලා සමග එකතු වෙන්නේ නැහැ” යනුවෙන් ඒ මහතා පැවසීය.



අදහස් (4)

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම අනුමත නොකරන බව නවීන් කියයි

kiri batta Thursday, 02 July 2020 12:24 PM

නවීන්, ඔබ වරක් රාජපක්ෂ කඳවුරේ හිටපු කෙනෙක්... ඒ නිසා එන්නේ නැහැ කියන එක අපි දෙපාරක් හිතනවා. අනික ඇයි ප්‍රශ්නයක් මතුවුණාම යටගහන්න හදන්නේ....? ඔබලාගේ කඳවුරේ ඉන්න අර්ජුනට පවා මේ තරගය ප්‍රශ්නයක් වුණා. ඒ නිසා අපි ඇත්ත නැත්ත හොයන්න ඉඩ නොදී වහන්නේ ඇයි කියන්න.

:       0       0

Bamunuarachchi Thursday, 02 July 2020 01:36 PM

ක්‍රීඩකයින්ගේ සාක්කි දීමෙන් කරන ලද පැමිණිල්ලේ සත්‍ය අසත්‍ය භාවය තහවුරු වෙනවා.. ඒ වගේම ක්‍රීඩකයින්ගේ නිර්දෝෂී බව තහවුරු වෙනවා. ඉතින් එ්කට ඇයි මෙයා බය...?

:       0       0

liyanage Thursday, 02 July 2020 01:40 PM

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමේ ඇති වැරැද්ද කුමක්ද?

:       0       0

kamal Friday, 03 July 2020 05:30 AM

හරියට හරි.... ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ සාමාන්‍ය මිනිසුන් නෙමෙයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුයි
2025 අප්‍රේල් මස 08 17 0

2025 අප්‍රේල් 6 දින සිට දස වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළ


බටලන්ද විවාදය 10
2025 අප්‍රේල් මස 08 36 0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඇරැඹේ.


ලංගම ඩිපෝ 55ක් කොට උඩ
2025 අප්‍රේල් මස 08 253 3

ලංගම බස් ඩිපෝ පනස් පහක් පාඩු ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.


විදේශිය පිස්තෝලයක් සමඟ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 263 1

විදේශ රටක නිෂ්පාදිත මොඩල් 75 වර්ගයේ 9 එම් .එම් උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක් සහ මැගසිනයක් සමඟ ව්‍යාපාරිකයෙකු නුගේගොඩ තලපත් පිටිය පාර නිවසකදී අත්අඩංගු


වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්
2025 අප්‍රේල් මස 08 768 2

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් ත


කෝසල නුවන්ට මැති සබෙන් සොව
2025 අප්‍රේල් මස 08 388 1

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අභාවප්‍රාප්ත කෝසල නුවන් මහතාට අද පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 631 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 548 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1012 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site