IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනය අතුගා දානවා

(අංජුල මහික වීරරත්න)

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බව පැවසු ජනාධිපතිවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදී වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම ඉන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේ දී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගැනීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

රටේ නව ආර්ථිකයක් ගොඩනඟමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද දක්ෂතා දක්වන ජාතියක් බවට ශ්‍රී ලංකාව නැවත පත්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.

 



අදහස් (8)

ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනය අතුගා දානවා

don Sunday, 10 December 2023 07:32 AM

අරමුණ එකක්... කරන්නේ එකක්... යන්නේ කොහේද මල්ලේ පොල්...

:       1       1

අමල් Sunday, 10 December 2023 07:35 AM

ඊට කලින් මේ අයව දේශපාලනයෙන් අයින්කරනවා. තව දවස් 300යි.

:       1       4

Nihal Sunday, 10 December 2023 08:17 AM

අනේ මහත්තයෝ ඔයාගේ බොරුවලට අපි රැවටෙන්නේ නැහැ. ඔයා ඒ කාලයේ වීරයෙක් වුණා.. අපට දැන් ඔයා එපා... ඒ තත්වය ඇති කළේ ඔයාම තමයි. 1977 ඉඳන් මේ වනතුරු ඇමැති තනතුරු, කැබිනට් ඇමැති තනතුරු, අගමැති තනතුරු රාශියක් දරපු ඔහේ මේ රටට මොනවද කළේ..? ඔයා කලේ හැමදාම අපිව ඇන්දුවා. දැනුත් අපිව අන්දනවා. ඔයා ගිය ආණ්ඩුවලත්, මේ ආණ්ඩුවේත් ඇමැතිවරුන්ට හොරකම් කරන්න දීලා ඔහේ පඹයෙක් වගේ බලන් ඉන්නවා... රට බංකළොත් කරපු එකට ඔයගොල්ලෝ තමයි වග කියන්න ඕනේ... ඔයගොල්ලෝ ඒ කාලේ ඉඳලා ඇමැතිවරුන්ට සහ ආණ්ඩුවේ ඉහළ අයට හොරකම් කරන්න දීලා ඔහේලා නොදැක්කා වගේ බලන් හිටියා... ඔයගොල්ලෝ පිරිමි වගේ මේ අයට විරුද්ධ එදා සිට අද දක්වා හරි තීරණ ගත්තා නම් මේ රට මෙහෙම බංකලොත් වෙන්නේ නැහැ. ඔයාට කිසිම දෙයක් ගැන දැනීමක් නැහැ... ඔයා එදා කලේත්, දැන් කරන්නේත් දුප්පත් මිනිස්සුම අල්ලාගෙන අහස උසටම බදු ගහනවා... රජයේ ලාබ ලබන දේපළ විකුණනවා... හිඟා කකා පිටරට වලින් ණය ගන්නවා සහ ඔයගොල්ලෝ සුර සැප වින්ද දේ තමයි කළේ... ඔහේලා උඩ පැනපැන ගත්තු ණය අපි තමයි ගෙවන්න ඕනේ... සුද්දා එදා ඉඳලා මේ රට කළා නම් අද මේ රට ලෝකයේ ආර්ථිකය අතින් ඉහළින්ම තියන රටක්... එම නිසා කරුණාකර අපට පවු නොදී ඔහේ ඇතුළු සෙට් එකම දැන් ගෙදර ගිහින් විවේක ගන්න...

:       2       4

de silva Sunday, 10 December 2023 08:54 AM

ක්‍රිකට් පාලක මණ්ඩලේ ඩොලර් මිලියන 30ක් පමණ ගිණුම්වල තිබෙන කොට, පාලකයෝ, ගණිකාවෝ සමග මණ්ඩලේ වියදමින් ඕස්ට්‍රේලියාවේ රවුම් ගහනකොට, මහජන මුදල් ක්‍රිකට් එකට යොදවන්නේ ජනාධිපතිට පිස්සුද? ක්‍රිකට් ප්‍රවර්ධනයට මුදල් වියදම් කළයුත්තේ ක්‍රිකට් බෝර්ඩ් එක මිසක් ආණ්ඩුව නොවේ... දැනට එක වියදමට බිල් දෙකක් දමා මුදල් ගන්න ශම්මි ඉදිරියට ආණ්ඩුවටත් බිල් දමාවි, වැඩිපුර සල්ලි තිබෙනවා නම් අර පිළිකා රෝහලේ බෙහෙත් ගන්න සල්ලි නැතුව මිය යන මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න මේවා වියදම් කරන්න බැරිද?

:       1       3

ඊ අමෑසිංහ Sunday, 10 December 2023 08:58 AM

එතකොට සාගල කොතැනද?

:       1       3

විනිවිද Sunday, 10 December 2023 08:58 AM

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාමකල යුතුවේ. එසේ වුවත් රජයේ යම් අධීක්ෂණයක් තිබිය යුතුවේ. ඒ සඳහා කළයුතු වන්නේ රජය ICC වෙත යෝජනාවක් ඉදිරිපත්කර ICC මගින් පත්කරන්නා වූ දූෂිත නොවන නිලධාරියකු ශ්‍රී ලංකාවෙන් තෝරා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණයට පත්කර ICC මගින් ඔහුගේ වැටුප ගෙවීමට කටයුතු සලස්වා (මූලික අදහස වූයේ අවංකවම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උනන්දු වන මුදල් පසුපස හඹා නොයන්නා වූ දූෂිතයකු නොවන අරවින්ද, සිදත් වෙත්තමුණි හෝ මහානාම වැනි කෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර පාර්ලිමේන්තුවට පත්කළ පසු ඔහුට රජයෙන් වැටුපක් ලැබේ) ICC ඔහුට ගෙවන්නා වූ $ වැටුප එම මන්ත්‍රීවරයා හෝ ඇමැතිවරයා ස්වේච්ඡාවෙන් ගිලන් වූ භික්ෂූන් ගේ නඩත්තුව වෙනුවෙන් ලබාදීමට කටයුතු කරලීම වේ. මේ පිළිබඳව ජනාධිපතිවරයා සොයා බලා යම් තීරණයක් ගැනීමට හැකිනම් වැදගත් වනු ඇත... හෝ මෙයට වඩා සුදුසු තීන්දුවකට එලැඹීමට හැකිවේ...

:       1       1

Gamini Sunday, 10 December 2023 09:18 AM

ඊට ඉස්සෙල්ලා මෙයා අතුගෑවිලා යනවා...

:       1       3

Kazi Shajahan Sunday, 10 December 2023 12:03 PM

ඔබතුමා කියන්නේ හොරුන්ට ඒ විදිහටම හොරාකන්න දෙන්න කියලද? ශම්මිලාගෙන් ඔබතුමාගේ පක්ෂයට වාසි ලැබෙනවා වගේ අපට තේරුම් යන්නේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 109 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 487 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 924 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 141 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 618 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 731 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39348 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1130 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site