(මුදිතා දයානන්ද)
ඕස්ට්‍රේලියාවේ පැවති 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹිමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලංකාවට ලැබුණ ටිකට් පත් 164ක් විනාශ කර, රුපියල් ලක්ෂ අසූහතකට වැඩි මුදලක් වැය කරමින් තවත් ටිකට් පත් 150ක් මිලදී ගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම විශේෂ විගණන වාර්තාවකින් අනාවරණ්‍ය වේ.
මිලදි ගත් ටිකට් පත් 150න් රුපියල් ලක්ෂ තිස්හයකට ආසන්න මුදලක් වැයකරමින් ලබාගත් ටිකට් පත් 76ක් ඉතිරි වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මිලදි ගත් ටිකට් පත්වලින් භාවිතා කළ ටිකට් පත් 74න් ලක්ෂ තිස්හයකට ආසන්න වටිනාකමින් යුත් ටිකට් පත් 54ක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ලබාදී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම තරගාවලියේදී මූලික තරගවට පහ සඳහා තරග වදින කණ්ඩායම්වලට අදාල රට වෙනුවෙන් එක් තරගයකට ටිකට් පත් 125 බැගින් ටිකට් පත් 625ක්ද ක්‍රීඩකයින් වෙනුවෙන් සුඛෝපභෝගී කාණ්ඩයේ ටිකට් පත් විස්ස බැගින් 100 ක්ද ලෙස ටිකට් පත් 725ක් ලබාදීමට නියමිත විය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලබාදුන් සාමාන්‍ය ටිකට් පත් 625න් 434ක් මෙරට ක්‍රිකට් ආයතනයෙන් භාවිතයට ගෙන ඇති බවද තවත් තිස්පහක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුට ලබාදී ඉතිරි 155 විනාශ කර ඇති බවද එම විගණන වාර්තාවේ දැක්වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ක්‍රිකට් ටිකට් සෙල්ලමක් ගැන විගණනයෙන් එළියට
Bunny Preena Wednesday, 27 September 2023 01:50 PM
හරිම ලොකු අපරාධයක් කරලා තියෙන්නේ