IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ක්‍රිකට් තහනම ඉවත් කරගන්න හැම දහිරියක්ම දානවා

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එබැවින් ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එය කිසිසේත්ම දේශපාලන අත පෙවීමක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ ඉල්ලීමට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර ඇතැයි කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මෙරට ජනතාවගේ පොදු දේපලක් මිස ඔහුගේ පුද්ගලික බූදලයක් නොවේයැයි පැවසීය.

ක්‍රිකට් සභාපතිවරයා මෙවැනි ඉල්ලීමක් කර ඇත්නම් එය රට පාවාදීමක් බව පැවසූ රණතුංග මහතා ඊට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා විසින් වහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කළේය.

 



අදහස් (9)

ක්‍රිකට් තහනම ඉවත් කරගන්න හැම දහිරියක්ම දානවා

Kumara Saturday, 11 November 2023 08:49 PM

කප්පම්, ඉඩම් බහිරවයින්ගෙන් වැඩක් නෑ. පාඩුවේ ඉන්න.

:       0       0

මොහොමඩ් Saturday, 11 November 2023 09:38 PM

පොහොට්ටුවට ලකුණු දා ගන්නද ?

:       0       0

Asela Saturday, 11 November 2023 11:11 PM

ශම්මි සිල්වා එවැනි යෝජනාවක් ක්‍රිකට් කවුන්සිලයට කර ඇත්නම් වහාම ඔහුව අත්අඩංගුවට ගත යුතුයි.

:       0       0

චන්දිම ෆොන්සේකා Sunday, 12 November 2023 07:45 AM

ශම්මි සිල්වා විතරක් නෙමෙයි... තව අය ඉන්නවා... අපි මැරිලා හිටියේ නැහැනේ.... මේ පවුල ක්‍රිකට් ඇදගෙන ගිය හැටි ඒ කාලේ. ගහන්න පුළුවන් හැම තැනම ගැහුවා. මතකද ක්‍රීඩා අමාත්‍යාංශය මෙයාගේ කාමරයට ඇඳන් එහෙමත් ගෙන්නාගෙන තිබුණා...!

:       0       0

Desh Sunday, 12 November 2023 07:51 AM

ඔක්කොම හොරු තමයි...!

:       0       0

Perera Sunday, 12 November 2023 09:48 AM

ICC සභාපතිට තගක් දාලා... කප්පමක් ගන්න බලන්න.. තහනම ඉවත් නොකෙරුවොත්...

:       0       0

fairoos Sunday, 12 November 2023 01:05 PM

ඇත්තද?

:       0       0

Bamunuarachchi Sunday, 12 November 2023 04:58 PM

ඊට කලින් ඇතුලේ සුද්දයක් දාන්න. ක්‍රිකට් තහනම් නම් ක්‍රිකට් මණ්ඩලය වැඩක් නැහැ නේද?

:       0       0

A disgusted cricket fan Sunday, 12 November 2023 05:25 PM

ඇමැති ප්‍රසන්න රණතුංග යෝජනා කළ විදිහට, ක්‍රීඩා ඇමැතිතුමා මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 50 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 334 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 779 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 350 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 196 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 458 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site