(යොහාන් භාසුර)
ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බව ද නිතීපතිවරයා දැනුම් දී තිබේ.
හිටපු නිලධාරීන් මණ්ඩලය තව දුරටත් කටයුතු කිරීම නීති විරෝධී යැයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට යොමු කළ විරෝධතාව අමාත්‍යවරයා නීතිපතිවරයාට යොමු කර තිබුනි.
එයට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා මෙම තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරන්න - නීතිපති දැනුම් දෙයි
fairoos Sunday, 28 March 2021 07:38 AM
තවත් මේක විනාස නොකර ගියා නම් හොදයි
vernon Monday, 29 March 2021 10:16 AM
අර්ජුන රණතුංග පත්කර ක්‍රිකට් ගොඩනැගීමේ පළමු වෙඩි මුරය ගහන්න ඔන්න වෙලාව ඇවිත්...!