IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ක්‍රිකට් යළි ගොඩ නගනවා

(අංජුල මහික වීරරත්න)

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගා සිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ  ජනාධිපති කාර්යාලයේ අද (14) පස්වරුවේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරු සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි. 

රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින්  කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය. 



අදහස් (11)

ක්‍රිකට් යළි ගොඩ නගනවා

Bamunuarachchi ji Tuesday, 14 November 2023 08:45 PM

කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමේදී vito powers පාවිච්චි කරන්න කෙනෙක් හිටියේ නැහැ. ක්‍රිකට් ගොඩ ගන්න ඔබ‍ට ක්‍රිකට් මණ්ඩලයට ඇඟිලි ගහන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ‍ට හොරුත් සමග හෙළුවෙන් හිටගන්න වෙනවා...

:       3       1

ගමේ එකාලා Tuesday, 14 November 2023 08:53 PM

පින් ජනපතියා දවල් හීන දකිනවා. ආර්තිකය ගොඩගන්න තිබුණා. දූෂිත පවුල් පාලනේ අය හොරාකාපුවා අයකරගන්න ක්‍රමයක් හැදුවා නම්...!

:       6       9

Perera Tuesday, 14 November 2023 10:55 PM

ඊට ඉස්සෙල්ලා තමුන්ටයි, තමුන්ගේ පක්ෂයටයි ඡන්දෙකින් ගොඩයන්න පුළුවන්ද කියලා බලන්න...

:       5       11

A sad citizen Wednesday, 15 November 2023 04:29 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත විධායක නිලධාරීන් තබා ගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පවසයි. මහා බැංකු මංකොල්ලයට ඔබ කටයුතු කළ ආකාරය මහජනතාව දන්නවා.

:       4       8

SAM Wednesday, 15 November 2023 06:05 AM

ක්‍රිකට් ක්‍රීඩාවට සක්තිමත් පදනමක් මත ගොඩනැගිය යුතු අතර ක්‍රීඩාවට ආදරය කරනාවූ වගවීම, වගවකීම, විනිවිදභාවය පවත්වාගෙන යා හැකි කණඩායමක් යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ යුතුවේ.

:       0       8

විජේ Wednesday, 15 November 2023 06:15 AM

තමන්ගෙ දේ වත් නග්ගගන්න බැරි ඔහේ, මේ නාබර ගැටව්ටත් එහා කොහෙ නග්ගන්නද? යන්ඩ ලොක්කා නයි අරින්නැතුව...........

:       5       10

Aravinda Monarawila Wednesday, 15 November 2023 07:59 AM

අනේ විහිළු නොකර ඉන්න... රටට කෙරූ දේ තමයි ඔබලා ක්‍රිකට්වලටත් කෙරුවේ..

:       5       9

Praba Wednesday, 15 November 2023 08:49 AM

විනාශයි

:       4       6

Sachith Wednesday, 15 November 2023 08:53 AM

මේක ඇත්තටම කරන්න නම් සාගලට වැඩිය ආදරණීය කෙනෙක් ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඕනි ,නැත්නම් ඉතින් මේකත් 2048 තමා

:       3       5

Rata Perata Wednesday, 15 November 2023 01:06 PM

මිනිස්සු ඇත්ත තේරුම් ගන්න ඕනේ... මෙයාට ළදරු පාසලක්වත් හරියට පාලනය කරගන්න බෑ. ඉතින් රටේ ආර්ථිකය... ක්‍රිකට් ගැන මොන කතාද? 

:       3       9

pakeer Wednesday, 15 November 2023 02:25 PM

මේ දාලා තියෙන කමෙන්ට්ස් දැක්කාම පේනවා... මෙයාට කිසි කැමැත්තක්, විශ්වාසයක් මිනිස්සුන්ට නැහැ කියලා... ඒත් වැඩේ කියන්නේ ඔවුන් තමයි පොරවල්...! 

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 0 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 104 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 173 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 124 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 709 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 536 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site