IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කිරිකඩේ බලපතින් යූරියා විකුණලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොහොර ආනයනය කළ ප්‍රධාන පෙලේ සමාගමක්  කොළඹ පිපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ කිරි කඩයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ ලියාපදිංචි බලපත්‍රයක් උපයෝගී කරගෙන හොරණ කර්මාන්ත ශාලාවකට යූරියා පොහොර තොග වශයෙන් මුදලට විකිනීමේ මහා පරිමාණ වංචාවක් අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඒ බව අනාවරණය වී ඇත්තේ 2018, ,2019 හා 2020 වසර වල දී සහනාධාර වශයෙන් ගොවීන් වෙත ලබා ලබාදීම සඳහා ගෙන්වන ලද යූරියා පොහොර තොග සම්බන්ධයෙන් සිදු වී ඇතැයි කියන අවභාවිතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී බව එම නිලධාරියා කිය.

2018 වසරේදී ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් පොහොර සමාගම් 19 කට පොහොර ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබූ අතර එම සමාගම්වලින් දෙකක් රජයේ අනුබද්ද සමාගම් බවත් සඳහන් වේ.

රජයේ අනුබද්ධිත සමාගම් දෙක මගින් ගෙන්වන යූරියා පොහොර වී වගාවට පමණක් ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා පොහොර මිටියක් රුපියල් 500 මිලකට ගොවින් වෙත ලබා දි ඇති අතර වී වගාව හැර අනෙකුත් සියලුම බෝග වගාවන් සඳහා අනෙකුත් සමාගම් වලින් යූරියා පොහොර මිටියක් රුපියල් 1100 මිලකට අලෙවි කර ඇතැයි ද එම මිල ප්‍රමාණයන් නියම කර ඇත්තේ කැබිනට් මණ්ඩලය මගිනි.

කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය වන පොහොර අදාල කර්මාන්ත ශාලාව මගින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මගින් අවසර ලබාගෙන ආනයනය කළ යුතුව ඇති අතර ගොවීන්ට දෙන පොහොර හා වැවිලි බෝග සඳහා ලබාදෙන පොහොර කිසිම හේතුවක් මත කර්මාන්තශාලා වලට දීමට නොහැකි යැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් කීය.

 



අදහස් (0)

කිරිකඩේ බලපතින් යූරියා විකුණලා

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 842 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 94 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1002 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 309 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 317 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 166 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site