IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ක්‍රීඩා ඇමතිගේ ආරක්ෂාව වැඩි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රජයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී විමසුමකදී ඔහු පැවසුවේ රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව දැනටමත් වැඩි කර ඇති බවයි.

තමාට විවිධ තර්ජන ඇති බව රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා පැවසීය.

ඔහුගේ ගමන් බෑගයට ඩුබායිහිදී මත්ද්‍රව්‍ය පාර්සලක් දැමීමට දරු උත්සාහයක් ගැනද ඔහු එහිදී හෙළි කළේය.

 



අදහස් (10)

ක්‍රීඩා ඇමතිගේ ආරක්ෂාව වැඩි කරයි

Ajith Saturday, 11 November 2023 08:47 AM

නාට්ටිය පටන් ගත්තා. හරි නම් මෙයා තමයි කලින්ම ඉල්ලා අස්වෙන්න ඕනෑ... රටේ විෂය භාර ඇමැති විදියට මෙච්චර දෙයක් වෙනකන් බලා ගෙන හිටපු එකට...!

:       50       12

රංබොඩ Saturday, 11 November 2023 09:37 AM

ක්‍රිකට් ආයතයේ ඉන්නෙ සල්ලි සාක්කුවේ දාගන්න පාතාලයන් බව පැහැදිලි වෙන්න මීට වඩා සාධක ඕනෑද?

:       0       46

rasika Saturday, 11 November 2023 10:14 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක පාලනය වෙන්නෙ පාතාලෙන්ද?

:       0       25

Rupika Saturday, 11 November 2023 04:26 PM

මට නම් හිතෙන්නේ පාතාලයේ පාලනය වුණත් තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එකෙන් වෙන්න පුළුවන් කියලා තමයි... !

:       0       11

Rasi Saturday, 11 November 2023 10:21 AM

මේ රටේ ගොඩක් ක්‍රීඩා සංගම් ඔය ආකාරයි. එකම වෙනස, ක්‍රිකට් ආයතනයට ගොඩාක් සල්ලි එනවා. නිලධාරින් කියන එවුන් මේවාට අරක් ගෙන ඉන්නේ. රටේ පුර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වී තිබෙන මොහොතක්. Facebook post වලට එහා ගිය සටනක් අවශ්‍යයි.

:       0       15

ravin Saturday, 11 November 2023 11:12 AM

ඔව්, ආරක්ෂාව තරකරගන්න එක හොඳයි... ඒක ආදායම් මාර්ගයක් නේද අවහිර කළේ?

:       7       6

පුරවැසියෙක් Saturday, 11 November 2023 02:28 PM

දැනෙන වැඩක් කරන්න ඉන්න එකම ඇමතිතුමා. වැඩක් ඇති, තේරුමක් ඇති, කොන්දක් ඇති ඇමති කෙනෙක් විදියට අපි රටවැසියන් විදියට ගරු කරනවා. කරගෙන යන වැඩේ ඒ විදියටම කරන්න ශක්තිය ලැබේවා. ක්‍රිකට් වල සියලු දුෂිත නිලධාරීන් පන්නා ලංකාවාසීන්ට නැවත තරඟ බලන්න හිතෙන විදියට සියල්ල කණපිට හරවන්න වෙලා තියෙන්නේ. අමාරු වැඩක්. පිටිපස්සේ ඉන්නේ බලවත් පිරිස්. ඔබතුමාට මහජන සහාය තියෙනවා කවුරු නැතත්. ඔබ වැනි කෙනෙක් රටේ පාලකයා උනානම් ඔක්කොම හොරු අල්ලන්න තිබුනා.

:       4       14

de silva Saturday, 11 November 2023 02:42 PM

ක්‍රිකට් තහනම් කරපු කාලයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සහ අනෙක් කුඩා ක්‍රිකට් සමාජවල ඉන්න දුෂිතයින් ගැන සොයාබලා ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න ඕනේ, මේ පිළිබඳව සියලු විස්තර ක්‍රිකට් ක්‍රීඩාකරන අනෙක් රටවල් අකුරට දැනුවත් කරන්න ඕනේ, මම හිතන්නේ නැහැ. එංගලන්තේ, ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තේ වැනි රටවල් වංචාව, දූෂණය අනුමත කරාවී කියලා... ඔවුන්ට නිවැරැදි පැහැදිලි තොරතුරු දුන්නොත් ඔවුන් අපට යම්කිසි සහනයක් දේවි... ICC යනු ඉන්දියාව පමණක් නොවේ..

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 11 November 2023 04:29 PM

ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහිල්ලා වතුර වීදුරුවක් බොන්නත් බයයි ඒකට වසදාලා තියෙන්න පුළුවන් නිසා කියලා රොෂාන් කිව්ව කතාවෙන් තේරුම් යන්නේ දැන් ලංකාවේ පාතාලයේ ගෝඩ් ෆාදර් පිනා බවයි. ෂමිමියි, සාගලයි එකතුවෙලා ගේම ගහන්නේ පිනාගේ උපදෙස් අනුවයි. ෂම්මි අයි යි.සී.සී එකට කතාකරලා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ඉල්ලන්න ඇත්තේ සාගලගේ උපදෙස් අනුව බව රොෂාන්ගේ මාධ්‍ය සාකඡාවෙන් පසුව දැන් හොඳටම පැහැදිලියි. රොෂාන් අන්තර් පාලනයක් දැම්ම ගමන් පිනා කිව්වා මම බය වෙන්නේ ලංකාවේ ක්‍රිකට් තහනම් කරයිද කියලා, යයි කියන විට පිනාගේ ප්ලෑන් එකට අනුව ගහන ගේමක් තමයි මෙතැන යන්නේ කියලා.. හිතුණු එක දැන් සත්‍යවෙලා තියෙනවා.

:       3       18

Bamunuarachchi Saturday, 11 November 2023 05:08 PM

ක්‍රීඩා ඇමැතිතුමෝ ක්ලින්ට් ඉස්ටවුඩ් වගේ රිවොල්වර්ස් දෙකක්ම ඉනේ එල්ලා ගන්න...!

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 8 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 278 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 640 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 324 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 186 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 430 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site