IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ක්‍රීඩා ඇමතිගේ රග්බි අතුරු කමිටුව පිළිගන්නේ නෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සඳහා නීත්‍යානුකූල ලෙස පත්වූ රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලය පමණක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බවත් වෙනත් ආකාරයට පත්කළ කමිටු පිළිනොගන්නා බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අන්තර්ජාතික රග්බි සංගමයට ලිඛිතව දැනුම්දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශය පත්කරන අතුරුකමිටු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව පිළිනොගන්නා බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ කටයුතු එහි ව්‍යවස්ථාවෙන් පාලනය වියයුතු බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

අදාල සංගම්වල නිලවරණ පැවැත්වීමේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ක්‍රීඩා පනතට අනුව සිදුවිය යුතු බව ද මැක්ස්වෙල් ද සිල්වා මහතා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මැක්ස්වෙල් ද සිල්වා මහතා එම ලිපියේ පිටපත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව ඇතුළු පාර්ශව හතකට යොමු කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය අප්‍රේල් මස 11 වැනිදා රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට අතුරු කමිටුවක් පත්කළේය. 



අදහස් (2)

ක්‍රීඩා ඇමතිගේ රග්බි අතුරු කමිටුව පිළිගන්නේ නෑ

Kelum Monday, 08 May 2023 12:32 PM

මැක්ස්වෙල් සමග එකඟයි...!

:       1       2

Hafeel Monday, 08 May 2023 02:02 PM

තාජුදීන් ඝාතනය වගේ තවත් අභිරහස් ඝාතනයක් නොවේවා...!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site