හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ කොර්ඩීලියා කෲස් ලයින්ස් සමාගමේ මෙරට නියෝජිත හේලීස් සමාගම අතර ඇති සහයෝගයේ ප්‍රතිඑලයක් ලෙස, මේ වසරේ ජුනි සහ සැප්තැම්බර් දක්වා කාලය තුළ සුඛෝපභෝගී මගී නෞකා 13ක් වරාය වෙත පැමිණීමට නියමිතය.
ඉන්දියානු සංචාරකයන්ට ආකර්ෂණීය නිවාඩු පැකේජ පිරිනමන කෝර්ඩීලීයා කෲස් සමාගමට අයත් Empressනෞකාව, හම්බන්තොට වරාය වෙත සිදු කළ මංගල චාරිකාවත් සමග ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා ඇරඹිණි. මගීන් 745ක් රැගත් නෞකාව දිවයිනේ තවත් ප්‍රධාන වරායන් 3ක ගොඩබසිනු ඇත.
“සුඛෝපභෝගී මගී නෞකාවල සිට අර්ධ සුඛෝපභෝගී සහ සාමාන්‍ය මගී නෞකා දක්වා ඕනෑම නෞකාවක් සඳහා හම්බන්තොට වරායට හට සේවා සැපයිය හැකිය. මීටර් 17ක ගැඹුරක් සහිත එම වරායෙහි ඕනෑම නෞකාවකට නැංගුරම් ලෑ හැකි අතර නවීන වරායක් ලෙස, නැව්, කාර්ය මණ්ඩලය සහ මගීන්ගේ අවශ්‍යතා සැපිරීමට මෙන්ම ආගමන, විගමන, රේගු සේවා ලබා දීමට අප සූදානම්ව සිටිනවා. හේලීස් සමාගම සමඟ ඇති මෙම සම්බන්ධතාව, සංචාරක නැව් ගමනාන්තයක් ලෙස හම්බන්තොට වරාය ප්‍රවර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙසයි අපි දකින්නේ. අප වරාය කාර්ය බහුල අග නගරයෙන් බැහැරව හරිත පරිසරයක පිහිටීම අමතර ආකර්ෂණයක් වනවා මෙන්ම, ප්‍රධාන නාවික මාර්ගවලට සමීපව පිහිටීම ඉන්දියන් සාගරයේ ගමන් කරන ඕනෑම නෞකාවකට පහසුවකි. ලෝකයේ සුඛෝපභෝගී සංචාරක නැව් වරාය 2000කට අධික ගණනක් තිබෙන අතර, නවීන පහසුකම් වලින් යුත් අභිනව වරායක් වන හම්බන්තොට මෙම වරායන් අතරට එක් වීමට කදිම සුදුස්සෙක්. වරායේ සිට ඉතා කෙටි දුරකින් සංචාරක ගමනාන්ත කිහිපයක් පිහිටා තිබීම අමතර වාසියක්,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.
595
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝර්ඩීලියා සුඛෝපභෝගී මගී නෞකා 13ක් හම්බන්තොටවරායට