IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


කුරුණෑගල ප්‍රා.සබේ හිටපු සභාපති සිරදඬුවමින් නිදොස් කොට නිදහස්

(පුෂ්පකුමාර ජයරත්න සහ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)


මිනීමැරුම් චෝදනාවකට වරදකරු කර වසර 10 ක සිර දඩුවමකට යටත් කරනු ලැබූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පැට්‍රික් කරුණාසිංහ මහතා සහ ඔහුගේ සොයුරා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මාපා බණඩාර මහතා අද (21) නියම කළේය.

වසර 1999 දෙසැම්බර් මස 15 දින හෝ ඊට ආසන්න දිනකදී මාවතගම මැතිවරණ කොට්ඨාසයේ මතව ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකට වෙඩි තබා පක්ෂ ආධාරකරුවන් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ බවට හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරා වන ප්‍රියන්ත කරුණාසිංහ යන අය එම නඩුවේ 1,3,4,5,6 සහ 10 යන චෝදනා වලට වරදකරුවන් කරමින් එවකට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් තීන්දුවක් ලබා දුන්නාය.

වරදකරුවන් කල දෙදෙනාට වසර 10 බැගින් සිරදඬුවම් නියම වූ අතර එක් චෝදනාවකට රුපියල් දස දහස බැගින් රුපියල් හැට දහසක දඩ මුදලක් ද නියම කෙරිණි.

හිටපු සභාපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කල අතර අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් එය සලකා බලා වරදකරුවන් කිරීමේ නියෝගය ඉවත් කරන බව 2020.11.16 දින ප්‍රකාශ කරන ලදී. 

අභියාචනාධිකරණයේදී විත්ති පාර්ශවය වෙනුවෙන් කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නලින් ලද්දුවහෙට්ටි යන ජනාධිපති නීතිඥවරුන් පෙනී සිටි අතර කුරුණෑගල මහාධිකරණයේ දී උපාලි ජයමාන්න සහ ඒ.එස්.එම්. ජලීස් යන නීතිඥවරුන් පෙනී සිටියහ.

නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගය ලබා දෙන විට හිටපු සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරා වසර තුනකට අධික කාලයක් සිර දඩුවම් ලබා තිබිණ.

 



අදහස් (26)

කුරුණෑගල ප්‍රා.සබේ හිටපු සභාපති සිරදඬුවමින් නිදොස් කොට නිදහස්

Nuwan Thursday, 21 January 2021 07:43 AM

අපේ අලි සබ්‍රි මහත්තයා කාර්ය ශූර නිලධාරියෙක්නේ.. ඒකනේ මේ ඉක්මණටම නඩුහබ පැත්තකට දාලා හිරේ ඉන්න අය එළියට ගන්නේ. අපේ සර් විද්‍යානුකූලව තමයි එතුමාව තෝරලා තියෙන්නේ.

:       3       143

NuwanThursday, 21 January 2021 12:44 PM

මොලේ නැති අයගේ ප්‍රතිශතය 2% මට්ටමේ තියෙන එක ලොකු දෙයක්...!!! 

:       20       10

Rata Perata Thursday, 21 January 2021 07:44 AM

තමුන්ගේ මිනිස්සු හරි ඉක්මණට නිදහස් වෙනවා. රෙස්පෙක්ට් සර්..

:       5       122

Sunil Thursday, 21 January 2021 08:14 AM

අපේ හිටනුතුමාගේ කාලෙවත් මෙච්චර දේවල් වුණේ නැහැ. තව අවුරුදු 04ක් තියෙනවා. මොනවායින් මොනවා වේවිද?

:       3       102

Hafeel Thursday, 21 January 2021 08:22 AM

මෙහෙම ගියොත් තව කෙටිකාලයකින් අධිකරණ පද්ධතිය අහෝසි කරලා, ඊළඟ අයවැයේදී විශාල මුදල් ඉතුරු කරන්නත් පුළුවන්. එ්කත් ආඩම්බරයි.

:       1       107

fairoos Thursday, 21 January 2021 09:14 AM

නියමයි සර් ඔහොම යං...

:       1       79

Pasad Thursday, 21 January 2021 10:00 AM

ඔබට සතුටුයිද දැන්..?

:       1       57

අජිත් Thursday, 21 January 2021 10:03 AM

දැන් මිනීමරුවන්, හොරුන් එළියට එනවා. හොඳ අය ඇතුළට යනවා. මාර නීතිය නැවිල්ලක්... රටම ඉවරයි

:       1       69

sisira kumara Thursday, 21 January 2021 10:03 AM

පොහොට්ටුවේ නඩු ඔක්කොම එකම දවසේ අහලා ඔක්කොම එකපාර නිදොස්කොට නිදහස් කළානම් ඉවරයිනේ..

:       1       71

chandanaThursday, 21 January 2021 11:10 AM

ඔබ හරියටම හරි... පොහොට්ටුවට කඩේ යන අය මේවායේදී නිශ්ශබ්දයි. එයාලා හැමදාම මිථ්‍යාවයි, බොරුවයි අදහන තමන්ගේ පක්ෂයේ අය මොන වැරැද්ද කළත් නොදැක්කා සේ ඉන්න පිරිසක්...

:       1       47

අප්පුවා Thursday, 21 January 2021 10:09 AM

ඒ කියන්නේ එයාටම වෙඩි තියාගෙනවත්ද​?

:       1       56

ana Thursday, 21 January 2021 10:42 AM

බලේ බලේ 2/3 ක ජනබලේ....

:       0       47

ජයන්ත මිලානො Thursday, 21 January 2021 10:45 AM

මේ දේවල් වලින් එක යහපත් දෙයක් ඉගෙන ගන්නවා නම් මහජනතාවට තියෙනවා. මින්පස්සේ කිසිම දේශපාලකයෙකුගේ ආධාරකරුවකු නොවී, ඡන්දෙ දීලා ගෙදර එන්න තියෙන්නේ...

:       1       25

sena Thursday, 21 January 2021 10:47 AM

මට නම් කරකවලා අහහැරියා වගේ... මෙලෝ දෙයක් හිතාගන්න බැහැ.. මිනීමැරුම් චෝදනාවලදී කොච්චර නම් වැරැදි සිද්ද වෙලා තියෙනවාද?

:       1       28

Ruhunu Thursday, 21 January 2021 11:03 AM

බලමු පොල් කඩපු මිනිහට දෙන දඬුවම මොකක්ද කියලා..?

:       1       31

RD Thursday, 21 January 2021 11:06 AM

නිරපරාදේ හිරේ හිටියට වන්දි ගෙවන්න වුණා.

:       2       22

Upul Thursday, 21 January 2021 11:08 AM

වඳුරාට දැලි පිහිය අහුවුණාම වුණෙත් මේකම තමයි. තව ටික දවසක් ඔහොම ඇදගෙන යාවි...!!!

:       1       33

PrasadThursday, 21 January 2021 12:39 PM

කවුද වඳුරා..?

:       2       9

UpulThursday, 21 January 2021 01:46 PM

අපේ සර් තමයි... වෙන කවුද?

:       1       34

banda Thursday, 21 January 2021 11:12 AM

ඔයාලට ඕනෑ කෙනෙක් නිදහස් කරන්න.. ඕනෑ කෙනෙක් ඇතුළට දාන්න.. අපිට මොකෝ...?

:       1       20

කපුරු හාමි Thursday, 21 January 2021 11:23 AM

මරුනේ, එකම රටක නීතිය දෙවිදියක්....

:       1       36

vajira Thursday, 21 January 2021 01:55 PM

කුරුණෑගල පුදුම මං පහරන්නෝනේ ඉන්නේ... ඩෝසර් කරනවා, ගස් කපනවා... ඕවා තමයි සෞභාග්‍යය...!!! 

:       0       27

විජිත් Thursday, 21 January 2021 06:10 PM

ඕක පුදුමවෙන්න දෙයක් නොවෙයි. මැදමුලනින් පැරෂුට් එකෙන් ආව "ලෝක හොරා" නියෝජනය කරන්නෙත් කුරුණෑගල ප්‍රදේශයනේ... හොරාට හොරු එකතුවෙනවා. ඔය අය කුරුණෑගල නැත්තටම නැතිකරනවා. කුරුණෑගල නගරයේ තියෙන විශාල කළුගල දැනටමත් හොර චීනාට විකුණලාද දන්නේ නැහැ. දවසක චීන්නු ඇවිල්ලා ඔය ගලට බෝර දාන්න ලැහැස්ති වුනොත් පුදුම වෙන්න එපා.

:       0       7

sharm warn Friday, 22 January 2021 04:13 AM

ඉතින් අනේ... කුරුණෑගල කියන්නේ අගමැතිව ආයෙත් බලේට ගෙන්නපු කොටස... මෙහෙම කළගුණ නොසලකා කොහොමද? පුදුමාකාර ලෙස සතුටුයි. සර් ඔහොම කරගෙන යන්න.

:       0       8

Prasad Friday, 22 January 2021 04:53 AM

කුරුණෑගල ඉන්න තරමක් ඉන්නේ මී හරක්, හොරු... ඒකනේ කට්ටිය ගමට මාරු වුණේ...

:       0       7

Perera Saturday, 23 January 2021 07:11 PM

මට මතක් වෙන්නේ අර සිංදුව... මේ රටේ මිනිස්සු.. තනිකර කෙළින්නේ පිස්සු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 95 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 220 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 175 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 172 1

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


අක්කර දාහක වන වගාවක් හදන්න යයි
2025 අප්‍රේල් මස 30 410 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.


මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 239 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 235 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 69 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1095 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site