(අංජුල මහික වීරරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
සෞඛ්‍ය ලේකම්වරයා එම උපදෙස් ලබා දුන්නේ එම රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව ආරම්භ කිරීම සදහා එම ඒකකයට අවශ්‍ය වන ගොඩනැගිලි ශල්‍ය උපකරණ මෙන්ම අනෙකුත් වෛද්‍ය උපකරණ මේ වන විට ස්ථාපිත කරමින් පවතින බවත් රෝහලට අවශ්‍ය හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ද මේ වන විට රෝහලට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවත් අමාත්‍යංශය පවසයි. මෙම ඒකකය දැඩි සත්කාර ඇදන් (ICU Beds) 06 කින්ද, ඉහල යැපුම් ඒකක (HDU Beds) ඇදන් දෙකකින්ද සමන්විත වේ. ශල්‍යාගාරය අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වන අතර, ශල්‍ය ඇදන් දෙකකින් ද සමන්විත වේ. මෙහි එකවර ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමේ නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙහි පිරිමි හා කාන්තා ලෙස හෘද ප්‍රතිකාර වාට්ටු දෙකක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. එහි ඇදන් ධාරිතාවය 40 කි.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුණෑගල රෝහලේ හදවත් සැත්කම් කඩිනමින් අරඹන්න යයි
Kumudu Tuesday, 05 November 2024 10:18 AM
දොස්තරලා කැමති නෑ රජයේ රෝහල් වල සැත්කම් කරන්න . ප්‍රයිවට් කරලා ලාභ උපයන්න පුළුවන් නිසා . විෂබීජ කියලා මිනිස්සුන්ව බය කරනවා