IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි

(රවීන්ද්‍ර නෙත්තසිංහ සහ නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින්  එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද පැවැත්විණ.
ජන හමුවට ආ පිරිසෙන් කුරුණෑගල සත්‍යවාදී පිටිය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියහ.
පක්ෂ මහගේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  තුෂාර ඉදුනිල් අමරසේන, ජේ. සී අලවතුවල, අශෝක් අබේසිංහ, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
 

 



අදහස් (30)

කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි

ගජමෑන් Sunday, 29 January 2023 08:28 PM

අනුරාධපුර කඩවීදිය වගේද කුරුණෑගල සත්‍යවාදී පිටිය කියලා බලන්න...

:       87       59

ධනුෂ්ක Sunday, 29 January 2023 09:20 PM

අද මිනුවන්ගොඩ කොහොමද ?

:       2       11

AnandaMonday, 30 January 2023 01:39 PM

කොහොමද මේ සයිට් එකේ පක්ශග්‍රාහී බව...? එදා අනු‍රාධපුරයේ ජා.ජ. බලවේගයේ රැස්වීම වාර්තා කළේ "ජාතික ජනබලවේගය අනුරපුර සමාරම්භක උළෙල හිස් ගොඩක් වෙයි" කියලා. අද මේක වාර්තා කරන්නේ "කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි" කියලා...

:       2       6

ajith Sunday, 29 January 2023 08:48 PM

අපි ඉතින් හැමදාම මේ අයට රැවටෙනවා. අන්තිමේදී ඒ අය ගොඩ යනවා, අපි හිඟමනට වැටෙනවා.

:       4       27

කිත්සිරිMonday, 30 January 2023 01:07 PM

අපි රැවටුනේ සජිත්ට නෙමෙයි.ලංකාවෙ වාමාංශික සහ සිංහල ජාතිවාදී කණ්ඩායම් වලට.මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඉඩ දුන්නෙ නැත්තෙ ඒ දෙගොල්ලො.හැමදාම බටහිර කුමන්ත්‍රණ කතා කියලා සියළු දේ නැවැත්තුවා .එජාප ආණ්ඩු කෙටි කාලෙකින් පෙරළලා දැම්මා .මහින්ද ඔය ජවිපෙ ශ්‍රීලනිප වෘත්තීය සමිති අල්ලෙ නැටෙව්වා .ඒ අය ගොනාට අන්දගෙන තමන්ගෙ වැඩ ටික නියමෙට කරගත්තා (අනුරලා විමල්ලා සිරිසේනලා වාසුලා කණ්ඩායම් කිහිපයක් නෙමෙයි.එක ටීම් එකක්.ඒ චීන ටීම් එක මේ යන්නෙ ඇමරිකා චීන ගැටුම-අපි දශක ගාණක් ඒකට මැදිවෙලා දුක් විඳිනව)මහින්ද දැන් වයසයි.අද චීනය තෝරගෙන තියෙන්නෙ අනුර කුමාර - අනුර ආවා කියන්නේ මේක චීන කොළණියක්.වමේ එවුන් හදපු අවුල් වලට දක්ෂිණාංශික ලිබරල් මිනිස්සුන්ට ගල් ගහන්න එපා.දක්ෂිණාංශික ලිබරල් විදියට මේ රට හදන්න දුන්නනම් මේ ප්‍රශ්න නෑ.

:       8       4

ගාමිණී Sunday, 29 January 2023 09:07 PM

ඔහොම යමු. ජය වේවා

:       19       7

මැක්ස් Sunday, 29 January 2023 10:16 PM

සජබයියන් සහ ජජබයියන් අතර වගේ දැන් සටන තියෙන්නේ. දෙකෙන් කොයිකට ගියත් අරාජිකත්වය විතරක් බව නම් සක්සුදක් සේ පැහැදිලියි. මොකද වයිරය, බොරුව සහ වංචාව හැර වෙනත් දෙයක් ඔය දෙගොල්ලන්ටම නැහැ.

:       27       15

නිමේෂ් Sunday, 29 January 2023 10:36 PM

ලඟදි සම්මත කරපු පුනරුත්තාපන පනත වගේ රටේ මිනිසුන්ට බලපාන රනිල්ගේ තක්කඩි පනත් කිහිපයක් ම සම්මත කරන විට සජබේ මත්රිලා ඕන කමින්ම සභාව මගරලා හිටිය ,( එහෙම නැත්නම් ඒවා සමහරක් පරද කරන්නත් පුළුවන් කම තිබ්බ ), එකෙන් සජිත් ගේ සජබේ උන්දලා රටේ මිනිස්සු ගැන හිතන විදිහ හිතාගන්න

:       2       18

මහසෙන් Sunday, 29 January 2023 11:28 PM

යට වෙලා ද ජන ගගට?

:       1       12

සිස්ටම් චේන්ජ් Sunday, 29 January 2023 11:54 PM

කුරුණෑගල මිනිස්සු ආයෙත් රැවටෙන්න යන්නේ. මේ මිනිස්සු ඇත්තටම චන්දේ දෙයිද. දුන්නොත් මෙයාට රට තියෙන තැනිනුත් පහලට. රැවටෙන්න නම් එපා මයේ අප්පලා ඔය දෙගොල්ලෝ තමයි මේ රට මේ තියෙන තත්වෙට ගෙනාවේ.

:       8       29

chinthaka Monday, 30 January 2023 01:07 AM

මගේ අයියත් ගියා.එහෙන් මෙහෙන් අහුලලා බස් වලින් ගෙනාපු අය තමයිලු වැඩිපුර හිටියේ.කුරුනෑගල අය 200 වත් හිටියේ නැහැයිලු.

:       9       35

ප්‍රැන්සිස්කෝ Monday, 30 January 2023 06:01 AM

සජබෙට කොතරම් ගංගාවන් ගැලුවත් මමත් මේ සැරේ ජාජබට දෙන්න හිතාගෙන ඉන්නෙ ගොවියෙක් හැටියට අවශ්‍ය වන රසායනික පොහොර සියල්ලම රජයෙන්ම නොමිලයේ ගැනීමට කැමැත්ත අපේ වී ටික ඉහළම මිලකට රජයට විකුණා ගැනීම හා ඉතාමත් අඩු මිලකට වෙළද පොලෙන් හාල් ගැනීමේ අවශ්‍යතාව එකක් .අනෙක සියලුම අයට භාණ්ඩ අඩුමිලට ඉන්ධන සහන මිලට ගැනීමේ අවශ්‍යතාව .සියලු රැකියා කරන්නන්ට සෑම අවුරුද්දකම ප්‍රමාණවත් වැටුප් වැඩිවීම් ලැබීමට අවශ්‍යතාව ගොවීන්ට හා වැවිලි කරුවන් සදහා ඔවුන්ගේ නිෂ්පාදන සදහා ඉහළම මිළක් ලැබෙනවා දැකීමට ඇති කැමැත්ත , .විශ්ව විද්‍යාල සිසුන් කියන ආකාරයට පහසුකම් ලැබෙනවා බැලීමේ අවශ්‍යතාව වර්ජන තර්ජන නොමැති කාලයක් දැකීමේ අවශ්‍යතාව ප්‍රධානම කාරණය ආදායම් බදු අයනොකර පාලනය ගෙන යන්නේ කෙසේද කියා බැලීමේ කැමැත්ත රට ප්‍රපාතයකට දැමූ සුනාමි ආධාර ගසාකෑමේ සිට ජනතා මුදල් කාබාසිනියා කල පිරිස් දඩුවම් ලබන ආකාරය බැලීමට ඇති කැමැත්ත ආදිය නිසා තමයි කොටින්ම කිව්වොත් ජාජබ නායකයො කියන ආකාරයට රජයන් විවේචන කිරීම් වලින් පෙන්වන වැරදි නොමැතිව පාලනය ගෙනයන ආකාරය දැකීමේ බලවත් ආශාවක් තිබීම

:       12       23

සුනෙත් අබේදීරMonday, 30 January 2023 01:54 PM

ඔයා කියන්නෙ ඕවා කරන්න සල්ලි මවන්න කියලද? ඕනම ආන්ඩුවක් යටතේ දැන් අමාරුවෙන් තමා කරන්න වෙන්නෙ. මාලිමාව ආවත් අවුරුදු කීපයක් ඉවසන්න ඕන. රජයේ රැකියා, පඩි වැඩි වීම්. නොමිලෙ පොහොර ඉල්ලන්න හොඳ නෑ.

:       3       4

සුරංග Monday, 30 January 2023 03:23 PM

ඔව් ඔව් එහෙම තමයි කෙරෙන්න ඕනෑ... මොකද කරුණාරත්න කියන්නේ වගාහානි වලට වන්දි ගෙවනු පොහොර ටික දෙනු වගේ ඒවානේ ජාජබ කරන කොට ඉවසන්න ඕන... අනුන් කරනකොට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මොකක්ද අප්පා ඔහෙලගේ ප්‍රතිපත්ති..?

:       0       1

කොටකම්කරුනාරත්න Monday, 30 January 2023 04:49 PM

ඔය කියන එකක්වත් මේ මහපොළොවේ මොකෙක් ආවත් කරන්න බැරි වැඩ... ඕවා කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඒකා ගොබ්බ මෝඩයෙක්. එළුවාගේ මොකද්ද වැටෙනකන් පස්සෙන් යනවා වගේ ඕවා ගන්න දැන් අවුරුදු හැත්තෑ ගානක් පස්සෙන් යනවා. ලැබුණු දෙයක් නෑ. ලැබුණේ හැම දෙයක්ම ඔවුන්ට. මේ පාරත් රැවටියල්ලා. ආයේ මොකටද අඩුවක් කරන්නේ..? මාරුවෙන් මාරුවට මේ අය තමයි මේ රට කෑවේ මිනිසුනේ...

:       1       3

දාස Monday, 30 January 2023 06:13 AM

ජන ගගක් හරි ජන මුහුදක් හරි ගැලුවත් ඇති ථල කිමෙදක්ද. කුරුනෑගල නගර සභාව නගරයෙ වෙලෙන්හදන්දට හදපු කඩකාමර , පොහොට්ටුවොයි , ස ජ බ, ශ්‍රි නි ප එකට එකතුවෙලා බෙදාගත්තෙ , මෙය ප්‍රකාශ කලේ එසේ මෙසේ ආයතනයක් නෙමෙයි විගනකාධිපති ඔහුගෙ මෑතකදි නිකුත් කල විගනකාදි පති වාර්තාවෙ. මෙයයි කෙටි අදහස, හොර කමේදි , වාසියෙදි අපි එකට , මිනිසුන් ඉදිරි පිට වේදිකාවෙ අපි වෙනම. තව දුරටත් අපි රැවටෙමුද?

:       2       18

ලමය Monday, 30 January 2023 06:24 AM

සජිත් මිනිසුන් මුලා කරනව 2004 චන්දරිකා ආන්ඩුවෙ ඇමති කම් ගත්ත එක JVP ඇමතියෙක් වත් පගා කෙලියෙ නෑ , රටට වැඩක් කරල පෙන්නුව , ඔවුන්කල වැරදි දෙයක් ඇත්නම් පෙන්වන්න , ඔබේ ඔය වෙදිකාවෙ ඉන්න කුරුනෑගල නගර සභා මන්ත්‍රිලගෙන් අහන්න පොහොට්ටු නගරාධිපතිත් එක්ක එකතු වෙලා නගර සභාව හදපු කඩ කාමර බෙදාගත්ත විදිය. මෙම කරුනු දක්වන්නෙ විගනකාදිපති වාර්තාවෙ. එහෙම පිරිසකට මොන චාර්යදර්මද. ඔබ ඉන්නෙ දුෂිතයො පිරිවරාගෙන. මිනිසුන් දන්නව ඔබ බලයට ආවත් එය පොහොට්ටුවෙම දිගුවක් කියල.

:       5       19

narada - Narammala Monday, 30 January 2023 06:45 AM

ලොරිවලින් ඇද්ද කට්ටිය කොහෙන් ආවද කියලා මේ පැත්තේ කවුරුවත් දන්නේ නැහැ.හැබැයි ආව උන්ගෙන් බාගයක්ම යද්දී කුණුවෙන්න බිලා හිටියේ.

:       1       22

සාදාරන Monday, 30 January 2023 07:33 AM

ඔබ ප්‍රකාශකරනව වැරදි කරන අයට දඩුවම් දෙනව , මන්ත්‍රිවරුන්ට චාර්ය ධර්ම මාලාවක් හදුන්වාදෙනව කියල. බලන්න ඔබේ පක්ෂයෙ ජාතික සංවිධායක ති අත්තනායක , එකල ඔබ එ ජා ප උප නායක , ඔය යෝදය පක්ෂෙ පාවාදීල ඇමතිකමක් ගන්න මහින්දගෙ ඔඩොක්කුවට පැන්න . පැනල ඔබ උප නායකත්වය දීපු එ ජා ප මඩ ගැහුව , බොරු LTTE ගිවුසුමක් පෙන්න පෙන්න.මේකට හිරෙත් ලගින්න උනා. පස්සෙ රනිල්ගෙනුයි , සිරාගෙනුයි සමාව අරගෙන තමයි නිදහස ගත්තෙ . එහෙම දෝහියෙක් තමයි අද ඔබේ පක්ෂෙ ජාතික සංවිදායක , පත්කල මන්ත්‍රි.ඔබ කොහොමද දඩුවන් දෙන විදිය කියල අප දන්නව නිකන් වචන පමනයි. ඔබ විවේචනය කරන රතු මල්ලිල ඔවුන්ගෙ පක්ෂයෙ විනය කඩපු සාමාජිකයන්ට ගත් පියවර බලන්න. අනුරුද්ද පොල්ගම්පල එක්කෙනෙක් . ඔබලා ගේ වචන විතරයි ක්‍රියාව ගද ගහනව. එයයි තිත්ත ඇත්ත.

:       1       19

කොට අජිත් Monday, 30 January 2023 08:41 AM

හිරුනිකා පේන්න නෑනෙ. සෙනග දැකල පොඩි චූන් එකක් ඇවිත්.

:       1       19

වීරවිජේ Monday, 30 January 2023 11:39 AM

අම්මෝ මෙහෙම ගොන්නු හිටියොත් වසර 20490394 පස්සෙත් මේක දියුණු වෙමින් පවතින රටක් වෙයි.. දාලා යමං..

:       2       24

wiki Monday, 30 January 2023 12:50 PM

සජබෙට කොතරම් ගංගාවන් ගැලුවත් මමත් මේ සැරේ ජාජබට දෙන්න හිතාගෙන ඉන්නේ. ප්‍රධානම කාරණය ආදායම් බදු අයනොකර පාලනය ගෙනයන්නේ කෙසේද කියා බැලීමේ කැමැත්ත රට ප්‍රපාතයකට දැමූ සුනාමි ආධාර ගසාකෑමේ සිට ජනතා මුදල් කාබාසිනියා කළ පිරිස් දඬුවම් ලබන ආකාරය බැලීමට ඇති කැමැත්ත ආදිය නිසා තමයි... කොටින්ම කිව්වොත් ජාජබ නායකයෝ කියන ආකාරයට රජයන් විවේචනය කිරීම් වලින් පෙන්වන වැරදි නොමැතිව පාලනය ගෙනයන ආකාරය දැකීමේ බලවත් ආශාවක් තිබීම තමයි..

:       3       11

kamalMonday, 30 January 2023 03:20 PM

ඉහතින් ප්‍රැන්සිස්කෝ ඉල්ලන පරිදි සියල්ල "නොමිලේ" දෙන්නේ ඔයාගේ පොකට් එකේ සල්ලි වලින්ද? කිසිදෙයක් නිකම් ලැබෙන්නේ නැහැ. "නොමිලේ" ලැබෙන දෙයට බදු ගෙවන්ට පුරුදු වෙන්න.

:       0       1

Jagath Monday, 30 January 2023 12:52 PM

අනිත් පක්ෂවලයි, සමගි ජන බලවේගයයි, ඔක්කොම එකම යාලුවෝ කට්ටිය. මේ ගොල්ලෝ බලයට ආවත් හොරු අල්ලන්නේත් නැහැ. රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකුට හානියක් වෙන්නෙත් නැහැ. නැවත ඉතින් මේ දැන් පවතින ක්‍රමයෙන්ම තමයි දිගටම යන්නේ. රටේ දියුණුව පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නොහැකියි.

:       5       11

මහේෂ් Monday, 30 January 2023 03:06 PM

ලංකාවේ ගොන් බයි වහල්ලු ටික කවදාවත් හදන්න බෑ .මැරෙනකම් වහල්ලු

:       0       4

kamal Monday, 30 January 2023 03:17 PM

කවුරු ආවත් ණය අර්බුදයට, ආර්ථික කඩා වැටීමට ක්ෂණික පිළිතුරු නැහැ... නමුත්, සජබය තමයි දැනට තියෙන එකම ජනහිතකාමී විකල්පය...

:       4       0

ධනුෂ්ක Monday, 30 January 2023 03:40 PM

අපේ මාමණ්ඩි ස.ජ.බ ට තදේට වැඩ පවුලේ අනික් ජා.ජ.බ ඇත්තටම කෑගල්ල, මාවනැල්ල පැත්තේ ස.ජ.බ ට ටිකක් බලය තියනවා. මෙතෙන්ට එහෙ අයත් ඇවිත් ඉන්නවා අපේ මාමණ්ඩිත් ආවා..

:       2       1

Sethuhami Monday, 30 January 2023 04:31 PM

මට තියෙන්නේ එක ඡන්දයයි. ඒක ජාතික ජනබලවේගයට දෙනවා මේ සැරේ...

:       4       3

මහබය්ය Tuesday, 31 January 2023 02:39 PM

බය්යෙක් වෙන්නද හදන්නේ. මොලේ කල්පනා කරපන්.

:       0       1

cc Wednesday, 01 February 2023 11:48 AM

1947 දී ආසියාවේ දෙවැනි ආර්ථිකයට හිමිකම් කියූ අප වසර 74 කට පසු අද අපේ රට පාලනය කල මේ පිරිස් අප රට ආසියාවේ අන්තිමයා කර ඇත.බංකොලොත් රටක් කර ඇත.ඉන්න නොසිතෙන හැම අතින්ම පීඩා කාරී රටක් බවට පත් කර ඇත. අපට එසේ වූයේ ඇයි? පොඩ්ඩක් සිතා බලමුද? අපේ රටේ දේශපාලනය ආකර්ශණීය වෘත්තියකි. ආකර්ෂණීය ක්ෂේත්‍රයකි. අද පාර්ලීමේන්තුවට යන අය,පළාත් සබාවට පත්වන අය,ප්‍රාදේශීය සභාවට පත්වන අය සැබවින්ම එම තනතුරුවලට යන්නේ රට ගැන ආදරයෙන්ද? කිසිසේත්ම නැත.මොවුන් පොරකමින් මහජනයා මුලා කරමින් එම තනතුරුවලට යන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහාම පමණයි. මොවුන් මේ රට හැදුවානම් අවංකව සේවය කලා නම් අප රටේ සමස්ථ ආර්ථිකය මේවනවිට ආසියාවේ ඉහළම තැනකට ඇවිත් නොවේද? මොවුන් දේශපාලනයට පොරකන්නේ වරප්‍රසාද,කොමිස්,කොන්ත්‍රාත්වලින් ලාභ පවුලේ හා හිතවතුන්ට රිසිසේ රටේ වටිනා සම්පත් විකිණීම (එජාප රජය යූරියා පොහොර කම්හල විකිණීම වැනි) ධනය සොරාකෑමට අවශ්‍ය ඉඩහසර වෙනුවෙන් බව නම් සැබෑවක්ම වෙයි. මෙහි ප්‍රථිඵලය ලෙස රටට ඔරොත්තු නොදෙන අනවශ්‍ය ආයෝජන ව්‍යාපෘති,ප්‍රමිතියෙන් බාල සංවර්ධන ව්‍යාපෘති. අනවශ්‍ය රටසවාරි සියල්ල ලැබී ඇත.මේවා මහජනයාට කෙසේවත් තේරුන් යන්නේ නැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 24 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 32 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 293 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 90 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1101 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 270 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site