(ජනූර් කිචිලාන්)
දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහල යාම හේතුවෙන් කුරණෑගල නගරයට ජල සැපයුම සීිමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා පැවසීය.
කුරුණෑගල නගරයට ජලය දිනකට ඝන මීටර් 13000ක් පමණ ප්‍රමාණයක් නිකුත් කරන අතර අද (18) සිට ඝන මීටර් 8000ක් දක්වා අඩුකර බෙදා හැරීමට සිදුවී ඇත්තේ කුරුණෑගල නගරයට ජලය සැපයෙන දැදුරු ඔයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල යෑම නිසාය. දැනට දැදුරු ඔයෙන් මෙන්ම කුරුණෑගල වැවෙන් ජලය ලබා ගන්නා අතර, වෙනදා මෙන් සම්පූර්ණ ධාරිතාවයෙන් බෙදාහැරීමට අපහසු බවත් එසේ වුවත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ජලය සැපයීම අඛණ්ඩව සිදු කෙරෙන බවත් ඒ මහතා කීය.
මේ ආකාරයෙන්ම ඉදිරියටත් නියඟය පැවතුනහොත් ජලය ලබා දීමට හැකි වන්නේ තවත් මාසයක් වැනි කාලයකට පමණක් වන බැවින් ඉදිරි කාලයේ ජලය අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් භාවිතා කරන ලෙසත් ඇපිරිමැස්මෙන් ජලය පරිfඊා්ජනය කරන ලෙසත් දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වී පාරිභෝගික ජනතාවට අපහසුවක් නොවන පරිදි ජලය ලබා දීමට කටයුතු කරන බවද කුසල් මනම්පේරි මහතා පැවසීය.
‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක
කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කුරුණෑගලම පිපාසයේ?