(ප්‍රසාද් රුක්මල්)
වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (17) පැවසීය.
මෙම අවධානම මෙන්ම වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තැනින් තැනට විශාල ගල්පර්වත ගස්කොළන් පස්කදු කඩා වැටීමට පටන් ගෙන තිබිම නිසාවෙන් මාර්ගයේ පවතින දැඩි අවධානමත් සමඟ අද (17) උදෑසන සිට යළි විවෘත කළ මාර්ගය දැඩි වර්ෂාව පතිත වන අවස්ථා වලදී තාවකාලිකව විටින් විට වසා දැමීමට සිදුවන බවද හෙතෙම කීය.
මාර්ගය මෙසේ වසා දමන අවස්ථා වලදී ඇල්ල වැල්ලවාය මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස වැල්ලවාය, කොස්ලන්ද බෙරගල හපුතලේ බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසට ඇල්ල පොලිසිය රියදුරන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම ඇතිවන වර්ෂාපතන තත්ත්වය අනුව ඕනෑම මොහොතක ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි